ගාලු මුවදොර අරගලය මහජන ආරක්‍ෂාවට තර්ජනයක් – කොටුව පොලිසියෙන් උසාවියට වාර්තාවක්

361

දින ගණනාවක් තිස්සේ ගාලු මුවදොර පිටියට රැස්වන දහස් සංඛ්‍යාත ජනතාවක් දිවා රෑ නොබලා ජනාධිපතිවරයා ඇතුළු රජයට එරෙහිව දියත් කර ඇති විරෝධතා ව්‍යාපාරය සාමය බිඳවැටීමකට හා මහජන ආරක්‍ෂාවට තර්ජනයක් විය හැකි යැයි කොටුව පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේය.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන තරුණ තරුණියක් ඇතුළු විශාල පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය අසල හා ඊට ආසන්න ප්‍රදේශවල තාවකාලික කුඩාරම් ඉදිකර රැඳීසිටීම නිසා මාර්ගයේ ගමන් කරන මගීන්ට හා යාන වාහනවලට දැඩි තදබදයකට මුහුණදීමට සිදුවී ඇති බවත් එකී විරෝධතා ව්‍යාපාරයට එක්වූ පුද්ගලයන් දෙදෙනෙකු හෘදයාබාධවලට ගොදුරුවී මේ වනවිට මියගොස් ඇති බවත් කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ අත්සනින් ඉදිරිපත් කළ එම තොරතුරු වාර්තාව මගින් අධිකරණයට පෙන්වා දී තිබිණි.

එලෙස ඇතිවන තදබදය නිසා යම්කිසි කලහාකාරී සිද්ධියක් හෝ දැඩි මහජන පීඩාවක් ඇති වුවහොත් ඒ පිළිබඳව විමර්ශන සිදුකර බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කිරීමට පියවර ගන්නා බව ද අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා වෙත ඉදිරිපත් කළ එම තොරතුරු වාර්තාව මගින් අධිකරණයට පෙන්වා දී තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment