ගැටඹේ ‘හක්කිඳ’ දූපත් සමූහයත් මරණය අභියස

565

* හක්කිද තෙත් බිම් කලාපයේ දූපත් විස්සකට වැඩියි…

* කෝටිපති ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන් හක්කිද භූමිය කොල්ල කති…

* හක්කිද දූපත්වල ටාසන් ඇතුළු දේශීය, විදේශීය චිත‍්‍රපට රාශියක් රූගත කරලා තියෙනවා…

* ගඟ පතුලේ තිබිලා රූපවාහිනී යන්ත‍්‍ර, කොම්පියුටර්, ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය ටොන් දෙකක් ඉවත් කළා…

ගැටඹේ 'හක්කිඳ' දූපත් සමූහයත් මරණය අභියස

මහනුවර  වරාතැන්න හක්කිද පාරිසරික ආරක්‍ෂක ප‍්‍රදේශයට සිදුවෙමින් තිබෙන විනාශය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියට එල්ල වෙමින් තිබෙන චෝදනා ගැන විමසා බැලීමට එහි සභාපති එස්. අමරසිංහ මහතාව දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපි උත්සාහ කළෙමු. එහෙත් එම උත්සාහ සාර්ථක නොවිණි.

කන්ද උඩරට හැඩ කරන සුකුමාලිය මහවැලි නදියයි. හෝර්ටන්තැන්න ප‍්‍රදේශයෙන් ඉපිද ති‍්‍රකුණාමලයෙන් මුහුදට බිලිවන මහවැලි නදියේ සුවිශේෂීම ස්ථානය නුවර, ගැටඹේ ප‍්‍රදේශයේ පිහිටා තිබෙන ‘හක්කි`ද දූපත්’ සමූහයයි.

ගැටඹේ 'හක්කිඳ' දූපත් සමූහයත් මරණය අභියස


‘හක්කි`ද’ නම හැදුනුු ආකාරය ගැන මත තුනකි. එම ප‍්‍රදේශයේ විශාල වතුර වළවල් හතක් පිහිටා ඇති බැවින් ‘හක්කි`ද’ යන නම පටබැඳි ඇති බව එක මතයකි. එමෙන්ම මහවැලි ගඟ මේ ප‍්‍රදේශයේදී හතකට බෙදී ගලා බසිනා නිසා හක්කි`ද ලෙස නම් කොට ඇති බව තවත් මතයකි. මහවැලි නදිය එම ප‍්‍රදේශයේදී විශාල ගල් පොත්තක් යටින් ගලා බසිනා විට හක් ගෙඩියක් පිඹිණ ශබ්දය නැෙඟන නිසා හක්කි`ද යනුවෙන් නම් කොට ඇති බව තෙවැනි මතයයි. නම ගැන විවිධ මත තිබුණද හක්කි`ද යනු හන්තාන පාරිසරික ආරක්‍ෂණ කලාපය හැරුණුකොට මහනුවර නගරය ආසන්නයේ පිහිටා ඇති එකම පාරිසරික ආරක්‍ෂණ කලාපයයි.

ගැටඹේ 'හක්කිඳ' දූපත් සමූහයත් මරණය අභියස


මධ්‍යම පළාතේ සුවිශේෂීතම තෙත්බිම් කලාපයක් ලෙස හැඳින්වෙන හක්කි`ද පරිසර පද්ධතියට අයත් දූපත් ප‍්‍රමාණය විස්සකට ආසන්නය. හෙක්ටයාර් පනස් නවයකට ආසන්න හක්කි`ද තෙත් බිම තුළ පිහිටි විශාලතම දූපතේ භූමි ප‍්‍රමාණය අක්කර අටකට වැඩිය. එමෙන්ම මහවැලි නදියේ පළලම සහ පටුම ස්ථානය පිහිටා තිබෙන්නේ ද ගැටඹේ හක්කි`ද ප‍්‍රදේශය තුළය. ගංගාවක පළලම ස්ථානය සහ පටුම ස්ථානය මීටර් පන්සියක් වැනි දුරකින් පිහිටා තිබීම ද විශේෂත්වයකි. පටුම ස්ථානයේදී ගල් තලා මත පෙරළීගෙන වේගයෙන් ගලා බසිනා මහ වැලි නදිය, පළල්ම ස්ථානයේදී ගිමන් හරිමින් සෙමෙන් ගලා බසිනුයේ ගං දියට අපූරු සුන්දරත්වයක් එකතු කරමින් බව සැබෑය.

ගැටඹේ 'හක්කිඳ' දූපත් සමූහයත් මරණය අභියස

හක්කි`ද අති සුන්දර පරිසරයේ චමත්කාරය, ජීවිතයේ වටිනාම අවස්ථාවට එකතු කරගැනීමට නුවර තරුණ, තරුණියන් අමතක නොකරන බව පෙනෙන්නේ මංගල ඡුායාරූප ලබාගැනීමට එම ස්ථානයට පැමිණෙන මනාල, මනාලියන් දකින විටය. එමෙන්ම භූ දර්ශනවලින් අතිවිශේෂ වටිනාකමක් උසුලන හක්කි`ද රමණීය පරිසරය දේශීය චිත‍්‍රපට මෙන්ම ටාසන් චිත‍්‍රපටය ඇතුළු විදේශීය චිත‍්‍රපට විශාල ප‍්‍රමාණයකට පසුබිම් කරගෙන ඇති බව ද වාර්තා වේ. 1638 වර්ෂයේදී ඇති වූ උඩරට කැරැුල්ලේ, ගන්නෝරුව සටනට දෙවන රාජසිංහ රජු ඇතුළු සිංහල හමුදාව ගන්නෝරුව වනාන්තරයට පැමිණ ඇත්තේ ද හක්කි`ද ප‍්‍රදේශයේ, මහවැලි ගෙඟ් පටුම ස්ථානය තරණය කර බව ජනවහරයේ කියැවෙන කතාවකි. පෘතුගීසි හමුදාව පරාජය කර ගන්නෝරුව සටන විජයග‍්‍රහණයකොට, එය අනුස්මරණය සඳහා එදා සිට වූ බෝධි හතෙන් එකක් අදට ද ගැටඹේ පාලම අසල ජීවමාන ය. අදටත් දළදා පෙරහැර අවසානයේ දිය කැපීම සිදු කෙරෙන්නේ එම ස්ථානයේදීය. හක්කි`ද තෙත් බිම පිහිටා ඇත්තේ ගැටඹේ එම පුරාණ තොටුපළේ සිට පහළ දොඩම්වල සහ හල්ලොලූව ගම්මාන සහ සංගිලි පාලම අතර ප‍්‍රදේශය තුළය. එමෙන්ම අවුරුදු එකසිය විසිපහක් පැරැුණි උඩරට අමරපුර නිකායේ උපසම්පදා විනය සිදු කරන ස්ථානය හා සීමා මාලකය අදටත් පවතිනුයේ එම ප‍්‍රදේශයේ වරාතැන්න ගමේය.

ගැටඹේ 'හක්කිඳ' දූපත් සමූහයත් මරණය අභියස

වරාතැන්න සහ හල්ලොලූව ගම්මාන දෙක මහවැලි ගෙඟ් වම් ඉවුරට මායිම්ව පිහිටා ඇති අතර ගැටඹේ සහ දොඩම්වල ග‍්‍රාම සේවා වසම් දෙක දකුණු ඉවුරට මායිම්ව තිබේ. එමෙන්ම හක්කි`ද තෙත් බිම ගඟවට කෝරළයට, හාරිස්පත්තුවට සහ යටිනුවර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනකටම මායිම් වී ඇත. එමෙන්ම ප‍්‍රදේශවාසීන් හඳුන්වන හක්කි`ද, වරාතැන්න ප‍්‍රදේශයේ පිහිටා ඇති ගල් ළිඳ මහවැලි ගෙඟ් ජලය ගෙන යෑමට ඉදිකර ඇති උමං මාර්ග දෙකක් සහිත පැරැුණි සොරොව්වකි. 1831 නොවැම්බර් මස 09 වැනිදා විවෘත කළ බවට උමං මාර්ග දෙකට ඉහළින් සොරොව් බිත්තියේ සමරු ඵලක දෙකක් ද වේ. එම උමං මාර්ග දෙකක් හරහා ජලය ඈතට ගෙන ගොස් ඇති බවත්, කෙනෙකුට ඇවිදගෙන යෑමට තරම් උමං මාර්ග විශාල බවත් ප‍්‍රදේශයේ පරිසරවේදියකු වන ප‍්‍රදීප් සමරවික‍්‍රම අප සමඟ පැවසුවේය.

‘‘2007 වර්ෂයේදී මේ උමං මාර්ග දෙක පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අපි දැනුම් දුන්නා. ඒ සොරොව්ව හදලා තියෙන්නෙ කළු ගලෙන්. සොරොව්වේ ආරුක්කු දෙකේ පිටතට පෙනෙන කොටස හතරැුස්ව කපන ලද කළු ගලෙන් නිර්මාණ කර තිබෙනවා. ජලය ගලාගෙන යන උමං කුහර දෙක පුච්චපු ගඩොල්වලින් නිර්මාණය කර තිබීම විශේෂයි. ඒ වගේම හක්කි`ද දූපත්වලට පහළින් තවත් පැරණි තොටුපළක් තියෙනවා. ඉතිහාසයේ සඳහන් ආකාරයට එම තොටුපළ උඩරට රාජධානියට පිවිසුණු ප‍්‍රධාන තොටුපළක්. දැන් දොඩම්වල පාළම ඉදි වී තිබෙන්නේ එම තොටුපළ හරහා. ඒ වගේම හක්කි`ද තෙත් බිම ජෛව විවිධත්වයෙන් සුවිශේෂී පරිසරයක්…’’

‘‘ක්ෂිරපායි සත්ව විශේෂ විසිතුනක් පමණ මේ ප‍්‍රදේශයේදී දැකගන්න පුළුවන්. එයින් දෙකක් ශ‍්‍රී ලංකාවටම ආවේණික සත්ව විශේෂ. දිය බල්ලා, අඳුන් දිවියා, ශ‍්‍රී ලංකා රිලවා, හම්බාවා තර්ජනයට ලක් වී සිටින සත්ත්ව විශේෂ විදිහටත් හඳුන්වන්න පුළුවන්. මේ තෙත් බිම් පරිසරය තුළ ජීවත්වන පක්‍ෂි විශේෂ හැත්තෑහතක් හඳුනාගෙන තියෙනවා. ඒ අතර මෙරටට ආවේණික පාක්‍ෂීන් විශේෂ පහක් ජීවත් වෙනවා. ශ‍්‍රී ලංකා රන් නළල් කොට්ටෝරුවා, ගිරා මලිත්තා, අලූ කෑදැත්තා, මුදුන් බොර දෙමලිච්චා විශේෂයි. මූදු කරවලා, සර්ප හීරලූවා, දිය නයා, දිය බරියා ආදී උරග විශේෂ දහහතක් මේ ප‍්‍රදේශයේ ජීවත්වන බවත් හඳුනාගෙන තිබෙනවා. හක්කි`ද තෙත් බිමේ ජීවත්වන මුළු සත්ත්ව විශේෂ සංඛ්‍යාව හතළිස් හතරයි. ඒ අතරින් දොළහක් මෙරටට ආවේණික සත්ත්ව විශේෂ. අපෘෂ්ඨ වංශි සත්ත්ව කාණ්ඩ අතරින් සමනල විශේෂ හතළිස් දෙකක් මේ ප‍්‍රදේශයෙන් හඳුනාගෙන තියෙනවා. එක් විශේෂයක් මෙරටට ආවේණිකයි. ශ‍්‍රී ලංකාවේ විශාලතම සමනලයා හා ජාතික සමනලයා විදිහට හඳුන්වන්නේ එම සමනල විශේෂය. භෞමික ගොළුබෙල්ලන් දහහතක් එම ප‍්‍රදේශයෙන් වාර්තා වන අතර, එයින් විශේෂ දොළහක් ලංකාවට ආවේණික ගොළුබෙල්ලන්. ඒ වගේම මේ ප‍්‍රදේශයෙන් මත්ස්‍ය විශේෂ දහඅටක් හඳුනාගෙන තිබෙනවා. එයින් විශේෂ දෙකක් ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂ. මෙරටට ආවේණික එම මත්ස්‍ය විශේෂ දෙක අතුරින් ශ‍්‍රී ලංකා ගඩයා නොහොත් කොළ ගඩයා ජීවත් වන මෙරට ඇති එකම වාසස්ථානය විදිහට වාර්තා වෙන්නෙත් හක්කි`ද තෙත් බිම පමණයි. විද්‍යාත්මකව Labeo Fisheri ලෙස හඳුන්වන කොළ ගඩයා 2007 අවුරුද්දේ ශ‍්‍රී ලංකා රතු දත්ත පොතට අනුව දැඩි ලෙස අන්තරායක තත්ත්වයට ලක් වී තිබෙන මත්ස්‍ය විශේෂයක්. 2011 අවුරුද්දේ ලෝක රතු දත්ත පොතට අනුව අන්තරායක මත්ස්‍ය විශේෂයක් විදිහට කොළ ගඩයා හඳුන්වාදී තිබෙනවා. මහවැලි ගෙඟ් වේගයෙන් ජලය ගලා යන ගල් තලා සහිත ප‍්‍රදේශවල පතුලේ තමයි ඒ මත්ස්‍යයන් ජීවත් වෙන්නේ. මහනුවර මැද ඇළ නිසා දූෂණයට ලක්වන ජලය රසායනික හා භෞතිකව ඔක්සිජන් සමඟ එක්ව වෙනස්කම්වලට භාජනය වෙන්නෙත් වේගයෙන් ජලය ගලාගෙන යන මහවැලි ගෙඟ් එම ප‍්‍රදේශයේදී. ඒ වගේම අති දුර්ලභ ශාක විශේෂ රාශියක්ම මේ තෙත් බිම් ප‍්‍රදේශයෙන් හඳුනාගෙන තියෙනවා…’’ ප‍්‍රදීප් හුස්මක් පිට කිරීමට කතාව නතර කළේය.

හක්කි`ද ජෛව විවිධත්වයේ සුවිශේෂීත්වය හේතුවෙන්, මහවැලි අධිකාරියට අයත්ව තිබූ එම පරිසර පද්ධතිය 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ ප‍්‍රතිපාදන ප‍්‍රකාරව අතිවිශේෂ ගැසට් පත‍්‍රයක් මගින් 2017 ජූනි මස 13 වැනි දින ‘වරාතැන්න – හක්කි`ද පාරිසරික ආරක්‍ෂණ ප‍්‍රදේශය’ යනුවෙන් හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් නම් කර තිබේ. සිරිසේන ජනාධිපතිවරයාගේ ධුර කාලයේදී ප‍්‍රථමයෙන්ම සිදු කර ඇති පාරිසරික සංරක්‍ෂණ ඒකකය ගැටඹේ හක්කි`ද පරිසර පද්ධතිය වීමද විශේෂය. ඒ අනුව එම ප‍්‍රදේශයේ පූර්ණ නීතිමය බලය මධ්‍යම පරිසර අධිකාරියට පැවරී ඇති අතර, එම අධිකාරියේ අවසරයකින් තොරව එම ප‍්‍රදේශයේ කිසිදු ක‍්‍රියාකාරකමක් හෝ ව්‍යාපෘතියක් දියත් කිරීමට අවසර නැත. ඒ ගැන ප‍්‍රසිද්ධ කළ දැන්වීම් පුවරු ද එම ප‍්‍රදේශයේ තැනින් තැන සවි කර තිබෙන අයුරු පෙනේ. එහෙත් එම පරිසර පද්ධතියේ අනවසර ඉදිකිරීම් කිහිපයක්ම ඇති බව ප‍්‍රදේශයේ පරිසරවේදීහු අප සමඟ පැවසූහ. මහවැලි ගෙඟ් දකුණු ඉවුරේ දෙවන රාජසිංහ මාවත ප‍්‍රදේශයේ සිට හක්කි`ද දූපත් ඉලක්කකොට අබලි ද්‍රව්‍ය පුරවමින් ස්ථිර කොන්ක‍්‍රීට් පඩිපෙළක්, තවත් විසල් ගොඩනැඟිලි කිහිපයක්ම ඉදිකර තිබුණ ද අදාළ ආයතනවල නිලධාරීන් නොදැක්කා සේ සිටින බව ඔව්හු අපට පැවසූහ. ඒ අතරින් පැහැදිලිව කරුණු ඉදිරිපත් කළ ප‍්‍රදීප් සමරවික‍්‍රමගේ කතාවට නැවත අපි සවන් දී සිටිමු.

‘‘මේ පරිසර පද්ධතියේ දකුණු ඉවුරු අයිති වෙන්නේ මහනුවර නගර සභාවට. නුවර මේ ප‍්‍රදේශයේ ඉඩම්වලට තමයි වැඩිම වටිනාකමක් ලැබිලා තියෙන්නේ. ඒ නිසා හක්කි`ද තෙත් බිමට මායිම් වෙච්ච වැට මායිම් ?ට, ?ට ගඟ දිහාට දුවනවා. ඒ විදිහට රිසිවේෂන් එක පර්චස් දහය, පහළොව අල්ලගෙන තියෙනවා. මේ ඉඩම් කොල්ලකෑම සිදු කරන්නේ ජීවත් වෙන්න තමන්ටම කියලා බිම් අඟලක් නැති දුප්පත් මිනිස්සු නෙමෙයි. කෝටි, ප‍්‍රකෝටිපති ව්‍යාපාරිකයන්. දේශපාලනඥයන්. දැනටත් රිසිවේෂන් එක ගොඩ කරගෙන අනවසර ගොඩනැඟිලි කිහිපයක්ම ඉදි කරලා තියෙනවා. කුඩා ගොඩනැඟිලි නෙමෙයි, දැවැන්ත ගොඩනැඟිලි. ඒ ඉදිකිරීම් ගැන නිරන්තරයෙන්ම අපි මාධ්‍යයට කරුණු ඉදිරිපත් කළා. සිංහල, ඉංග‍්‍රීසි පත්තරවලට ලිපි යොමු කළා. ඒත් අද වනතුරු එම අනවසර ඉදිකිරීම්වලට එරෙහිව මධ්‍යම පරිසර අධිකාරිය නීතිය ක‍්‍රියාත්මක කරලා නෑ. ඒ හේතුවෙන් මේ වන විට එම ප‍්‍රදේශයේ අනවසර ඉදිකිරීම් විශාල ප‍්‍රමාණයක් සිද්ධ වෙමින් තිබෙනවා. ඒ වගේම 2017 වර්ෂයේදී හක්කි`ද පාරිසරික ආරක්‍ෂක ප‍්‍රදේශය ගැසට් කිරීමත් සමඟ එම ප‍්‍රදේශයේ ආරක්‍ෂාවට මධ්‍යම පරිසර අධිකාරිය විසින් පරිපාලන කමිටුවක් පත් කරලා තියෙනවා. එම කමිටුවට මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්, රජයේ නිලධාරීන්වරු කිහිපදෙනෙක්ම ඇතුළත්. පරිසර සංවිධාන එකක් හෝ දෙකක් නියෝජනය කරමින් සාමාජිකයන් දෙදෙනෙක් එම කමිටුවට ඇතුළත් විය යුතුව තිබෙනවා. දැනට අවුරුදු පහකට ආසන්න කාලයක් වරින්වර එම කමිටුව රැස්වෙනවා. අද වනතුරු පරිසර සංවිධානවල කිසිදු සාමාජිකයෙක් ඇතුළත් කරගෙන නෑ. එහෙම වෙලා තියෙන්නේ හක්කි`ද පාරිසරික සංරක්‍ෂණ කලාපයේ සිදුකෙරෙන අනවසර ඉදිකිරීම් ගැන පරිසර සංවිධානවල නිලධාරීන් කතා කරන නිසයි. හක්කි`ද සුරැකීමේ කමිටුව හිටි හැටියේ රැස්වෙලා පාළු ගෙයි වළං බිඳලා විසිර යනවා…’’

‘‘පහුගිය කාලේ දවසක ? කියුබ් තුනක ලොරියක පටවගෙන ආපු ගොඩනැඟිලි අපද්‍රව්‍ය කොටස් ගඟට බානකොට ලොරිය ගඟට වැටිලා රියැදුරු මැරුණා. ඒ ලොරිය ඇවිත් තිබුණේ දෙවන රාජසිංහ මාවතෙන්. ගඟට කුණු දාන්න ගිය ලොරිය පෙරිලා රියැදුරු මැරිලත් කිසිම මාධ්‍යයක ඒ සිද්ධිය වාර්තා වුණේ නෑ. හක්කි`ද පාරිසරික ආරක්‍ෂණ කලාපයේ වෙන අනිත් දේවල් ගැන කවර කතාද? හැම දේම සල්ලිවලින් යට ගහනවා. මහනුවර නගරයේ ඉන්ධනහල්වල ඝණ සහ ද්‍රව අපද්‍රව්‍ය මහ වැස්සට මැද ඇළට මුදාහරිනවා. මැද ඇළ ගලාගෙන ඇවිත්, ඇටඹේ දිය කපන තොටෙන් මහවැලි ගඟට වැටෙනවා. ගලි බවුසර් ගෙනත් ගඟට හලලා යනවා. සමහර මිනිස්සු වාහනවල කුණු පටවගෙන ඇවිත් ගඟට විසි කරලා යනවා. පහුගිය කාලේ අපි නාවික හමුදාව සමඟ එකතු වෙලා හක්කි`ද දූපත් සමූහය සුද්ධ පවිත‍්‍ර කළා. ගඟ පතුලේ තිබිලා රූපවාහිනී යන්ත‍්‍ර, කොම්පියුටර්, ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය විශාල තොගයක් ඉවත් කළා. ඒ අපද්‍රව්‍ය ප‍්‍රමාණය ටොන් දෙකකට වැඩියි. තවත් විශාල තොගයක් ගං පතුලේ තියෙනවා. ඒත් හක්කි`ද දූපත් සමූහට අපද්‍රව්‍ය එකතු කිරීම ගැනවත්, ඉඩම් කොල්ලකෑම ගැනවත් මධ්‍යම පරිසර අධිකාරියෙන් කිසිම සොයාබැලීමක් නෑ. මහනුවර දිස්ත‍්‍රික් ආණ්ඩු පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පසුගිය ඔක්තෝම්බර් 05 වැනිදා මේ ගැටලූව ගැන පාර්ලිමේන්තුවෙත් කතා කළා…’’ ප‍්‍රදීප්ගේ කතාවට විරාමයක් තබා මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වසන්ත යාපා බණ්ඩාර හක්කි`ද විනාශය ගැන පාර්ලිමේන්තුවේ කළ කතාවට අපි සවන් යොමු කළෙමු.

‘‘මහනුවර ප‍්‍රදේශයේ මන්ත‍්‍රීවරයකු වන මට දැවෙන ප‍්‍රශ්නයක් තියෙනවා. ඒ මහවැලි ගඟ ආශ‍්‍රිතව හක්කි`ද ප‍්‍රදේශයේ ඉදිවන අවසර නොලත් හෝටල් එම දූපත් සමූහයට විශාල විනාශයක් සිදු කරනවා. ඊට එරෙහිව නීතිය ක‍්‍රියාත්මකවීමේ ප‍්‍රමාදයක් කොතැනක හෝ තිබෙනවාද කියා මම මේ පාර්ලිමේන්තුවෙන් අහන්න කැමතියි. මම මේ ගැටලූව සම්බන්ධයෙන් ප‍්‍රශ්න කරන්නේ මහජනතාවගේ බලවත් ඉල්ලීම මතයි. මේ වෙනකොට පරිසර අමාත්‍යතුමා විදේශගත වෙලා ඉන්නේ. මම එතුමා සමඟත් මේ කාරණය පිළිබඳ කතා කළා. අපේ රජය, පරිසරයට යුතුකම් ඉටුකරන රජයක් විදිහට මේ කාරණය පිළිබඳ කරුණාකර අවධානය යොමු කරන්න කියන ඉල්ලීම කරමින් මම නිහඬ වෙනවා…’’ එහෙත් ඔහුගේ හඬට අදට ද සාධාරණයක් ඉටු වී නැති බව වාර්තා වේ. ඉනිදු පැහැදිළි වන්නේ හක්කි`ද ඉඩම් කොල්ලය හමුවේ ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් ද අසරණ වී සිටින බවය.

හක්කි`ද ඉඩම් කොල්ලය යට තිබෙන අදිසි හස්තය අතිශය භයානකය. දේශපාලන, මැර, ධන බලයෙන් සන්නද්ධ වූ එම හස්තය විසින් හක්කි`ද විනාශය සම්බන්ධයෙන් කතා කරන කටවල් හොඳින් හෝ නරකින් වැසීමට පසුබට නොවන බව ද දැන ගැනීමට ලැබිණි. එහෙයින් සුන්දර පරිසරය විඳින්නට පිං නැති, තණ්හාවෙන් අන්ධ වී සිටින දේශපාලන සහ ධනවත් ව්‍යාපාරික භූමි කොල්ලකරුවන්ගෙන් ‘හක්කි`ද’ නිදහස් කරගැනීමට මහනුවර පමණක් නොව, මුළු රටේම පරිසර ලෝලීන් එක මිටට එකතු විය යුතුය. ප‍්‍රමාදය ‘හක්කි`ද’ මරණ මංචකයට ඇද වැටීම කඩිනම් වීමකි.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment