කුකුළු ආහාර සහ ඉන්ධන මිළ පහළ ගියහොත් බිත්තර මිළ අඩු කළ හැකි බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක සඳහන් කළේය.
පශු සම්පත් නිෂ්පාදකයින්, සංවිධාන හා නියෝජිතයින්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර සාකච්ඡාවක් ඊයේ (19 ) කොළඹ, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ දී පැවැත්වුනු අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කළේය . රටකට සෞඛ්‍ය සම්පන්න මානව සම්පතක් සිටීමේ වැදගත්කම පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා බිත්තර පරිභෝජනයෙන් වැඩි පෝෂණ කොටස් ප්‍රමාණයක් ලබා ගත හැකි බැවින් ජනතාවට බිත්තර මිලදී ගතහැකි වන පරිදි බිත්තර මිළ අඩු කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය .
එහෙත් මේ වනවිට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ ,බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කර සහනයක් ලබා නොදෙන්නේ නම් එළැඹෙන සඳුඳා සිට වෙළඳපොලට බිත්තර නිකුත් නොකරන බවය .
ctb