ගැසට්ටුව වහා හකුළා ගන්න – මුතුරාජවෙල නාගරික සංවර්ධන අධිකාරියට පවරා දීමට එරෙහිව පියතුමන්ලා පෙරට

182

HTML clipboard


වත්තල සරත් චින්තක

මුතුරාජවෙල තෙත්බිම නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගනිමින් සංවර්ධනය කිරීමට යෝජනා කළ රජයේ ගැසට් පත‍්‍රය වහාම හකුලා ගන්නා ලෙස ඉල්ලමින් කතෝලික සභාවේ රදගුරුතුමන්ලා හා පූජා ප‍්‍රසාදීන් වහන්සේලා විසින් මාධ්‍ය හා සිවිල් ක‍්‍රියාකාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් බෝපිටිය ශාන්ත නිකුලස් දේවස්ථානයේදී පැවැත්වූහ.

ජේ.ඞී. ඇන්තනී හා මැක්ස්වල්ද සිල්වා යන රදගුරුතුමන්ලාගේ ප‍්‍රධානත්වයෙන් පියතුමන්ලා පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම දැනුවත් කිරීමේ වැඩසටහනේදී අවධාරණය කෙරුණේ ගැසට් පත‍්‍රයක් මගින් මුතුරාජවෙල තෙත්බිම නාගරික සංවර්ධනය ට පැවරීම ගැටලූ සහගත බවයි. තෙත්බිම සුරැුකීමට නම් එය පැවරිය යුත්තේ වන සංරක්ෂණ හෝ පරිසර අධිකාරියට බවද සාකච්ඡුාවට එක්වී සිටි පිරිස පවසා සිටියහ. කාදිනල් මැල්කම් රංජිත්තුමාගේ ඉල්ලීමට අනුව මෙම පවරා ගැනීම සිදු කළ බව අසත්‍ය ප‍්‍රචාරයක්ද දියත් වෙමින් තිබෙන බව සාකච්ඡුාවේදී අනාවරණය කළ අතර නාගරික සංවර්ධන අධිකාරියට තෙත්බිම පවරා දීමෙන් පසු එය බහුජාතික සමාගම්වලට විකිණීමේ ක‍්‍රියාවලියක් පවතින බවද මෙහිදී අවධාරණය කෙරිණි. රජය මෙම ගැසට් පත‍්‍රය හකුලා ගත යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරිණි.
 

advertistmentadvertistment
advertistmentadvertistment