ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති සේවා ව්‍යවස්ථාවට විරෝධය පළ කරමින් ග්‍රාම නිලධාරීන් අද (12 දා) සිට ලබන 19 වැනිදා දක්වා කළු විරෝධතා සතියක් ආරම්භ කරන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ මහතා ‘දිවයින’ ට පැවැසීය.
එසේම අද සහ හෙට (13දා) දෙදින රාජකාරි කටයුතුවලින් ඉවත් වී සිටින බවත් මෙම දින දෙක තුළ කිසිදු නිලධාරියකු රාජකාරියට වාර්තා නොකරන බවත් හෙතෙම කීය. එමෙන්ම එම සතිය තුළ දිවයින පුරා ඇති සෑම ග්‍රාම නිලධාරී කාර්යාලයක් ඉදිරිපිටම කළුකොඩි ප්‍රදර්ශනය කරන බවද ඒ මහතා සඳහන් කජ කළේය.
පරිපාලන නිලධාරීන්ගේ අදූරදර්ශී ක්‍රියා පිළිවෙතට විරෝධය පාමින් අද පෙරවරු 11.00 ට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් පවත්වන බවත්, මේ සඳහා ග්‍රාම නිලධාරීන් 2000 කට වැඩි පිරිසක් සහභාගී වන බවත් හෙතෙම පැවසීය.
ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු කරුණු පිළිබඳව මීට පෙර පරිපාලන නිලධාරීන්ට දැනුම් දී තිබූ බවත් එසේ නොකර තමන්ට අවශ්‍ය දෑ සේවා ව්‍යවස්ථාවට ඇතුළත් කර ගැසට් කර ඇති බවත්, මේ නිසා කළු විරෝධතා සතියක් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවත් රණසිංහ මහතා පැවසීය.එසේම මේ සම්බන්ධයෙන් හෙට මානව හිමිකම් කොමිසමට ගොස් පැමිණිලි කරන බවද පැවසූ සම සභාපතිවරයා ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති සේවා ව්‍යවස්ථාව හකුලා නොගන්නේ නම් ඉදිරියේ දී මීට වඩා දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව ද වැඩිදුරටත් කියා සිටියේය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා