ගෑස් අනතුරු වුණු අයට වන්දි: අලගියවන්න

96

ගෑස් සිලින්ඩර ආශ‍්‍රිත පිපිරීම් හා ගිනි ගැනීම්වලින් අලාභ හානි සිදුවී ඇති ජනතාවට ගෑස් සමාගම්වලින් සාධාරණයක් ඉටුකර දීමට මැදිහත්වන බව පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

සාධාරණය ඉටුකර ගැනීමේදී එම ජනතාවට තවත්් අමතර බරක් පැටවීමට ඉඩක් නොතැබීමට පාරිභෝගික අධිකාරිය හා තම අමාත්‍යාංශය මැදිහත්වන බවද ඇමැතිවරයා සඳහන් කළේය. දැනට මිලදී ගෙන මුද්‍රා නොකඩා නිවෙස්වල තිබෙන ගෑස් සිලින්ඩර් සඳහා ක‍්‍රමානුකූලව නව ගෘහස්ථ ගෑස් සිලින්ඩර් නිකුත් කිරීමට සමාගම් පියවර ගෙන ඇතැයිද හෙතෙම පැවසීය.

මෙරටට ගෙනෙනු ලබන ගෑස් වරායේදී පරික්ෂා කෙරෙන බවත් නියමිත සංයුතියට නැති ගෑස් මෙරටට ගොඩබෑමට ඉඩනොදෙන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment