ගෑස් ප්‍රමාදයට හේතුව නිසි වෙලාවට ඩොලර් නොගෙවීමයි: පෝලිම්වල රැඳෙන්න එපා!  

199
  • ලිට්‍රෝ සභාපති ඉල්ලයි

ගෑස් මෙරටට ගෙන්වීම පමා වී ඇත්තේ අදාළ ඇණවුම් සඳහා නිසි වේලාවට ණයවර ලිපි නිකුත් කිරීම සඳහා ඩොලර් ගෙවීම ප්‍රමාදවීම යැයි ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා ‘දිවයින’ ට පැවසීය.

ඩොලර් ප්‍රශ්නය නිරාකරණය කර ගන්නා තුරු ගෑස් ගෙන්වා ගැනීම නිසි පරිදි කරගෙන යෑමට නොහැකි නිසා අනවශ්‍ය ලෙස පෝලිම්වල නොසිට ඉවසීමෙන් කටයුතු කරන ලෙස ද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

දැනට ගෑස් නෞකාවක් සඳහා මුදල් ගෙවා තිබෙන බැවින් ඉදිරි දින දෙක තුළ එය නිදහස් කර ගෑස් යළි බෙදාහරින බව ද ඒ මහතා කීය. එනිසා යළි දැනුම් දෙන තුරු පෝලිම්වලට නොපැමිණෙන ලෙස ද ඉල්ලා සිටී. ලැබෙන ගෑස් ප්‍රමාණය රටේ සමස්ත අවශ්‍යතාව පිරිමසා ගැනීමට ප්‍රමාණවත් නොවන බව ද සභාපතිවරයා සඳහන් කළේය.

මෙම දුෂ්කර කාල පරිච්ඡේදය නිමවන තුරු ඉවසිලිවන්තව කටයුතු කළ යුතු බව ද ඒ මහතා කියා සිටියේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment