ගෑස් ලිප් පිපිරෙන අර්බුදයට – අපිම විසඳුමක් හොයමු

460

LP ගෑස් පිළිබඳ කරුණු කිහිපයක්

 ද්‍රව පෙට්‍රෝලියම් වායුව (LPG), බොහෝවිට ප්‍රොපේන් සහ බියුටේන්, හයිඩ්‍රොකාබන් වායුවල දැවෙනසුලූ මිශ‍්‍රණයකි. ප්‍රොපේන් සහ බියුටේන් යන දෙක ම

 ආරක්ෂිත, විෂ නොවන, පිරිසිදුව දැවෙන ඉන්ධන වේ. LPG වාතයට වඩා 50%ක් පමණ බරෙන් වැඩිය. එම නිසා වායුව පහල මට්ටම්වල රැඳී සිටියි. ප්‍රොපේන් සහ බියුටේන් දෙකම කාමර උෂ්ණත්වයේ වායු තත්ත්වයේ පවතී. සාමාන්‍ය වායු පීඩනයක දී ජලය සෙල්සියස් අංශක 100 දී උතුරන ආකාරයට ම, ප්‍රොපේන් -42C දී ද බියුටේන්

 -2C දී ද නටා වාෂ්ප බවට පත් වේ. මෙයින් අදහස් කරන්නේ සාමාන්‍ය වායු පීඩනයක දී මෙම උෂ්ණත්වයට වඩා ඉහළ උෂ්ණත්වවල මේවා වායු ස්වරූපයෙන් පවතින බවයි. කෙසේ වෙතත්, ප‍්‍රමාණවත් තරම් ඉහළ පීඩනයක් යෙදීමෙන්, ඒවා කාමර උෂ්ණත්වයේ දී පවා ද්‍රව බවට පරිවර්තනය කළ හැකිය.

 සිලින්ඩරයක් තුළ වාෂ්ප (ගෑස්) සහ දියර දෙකම පවතී.

ගෑස් ලිප් පිපිරෙන අර්බුදයට - අපිම විසඳුමක් හොයමු

LPG වායුව දියරයක් බවට පත් කිරීම සඳහා එහි වාෂ්ප පීඩනයට සමාන පීඩනයක් යටතේ ගබඩා කළ යුතුය. LP ගෑස් සිලින්ඩරයක් තුළ ද්‍රව සහ වාෂ්ප (ගෑස්) යන දෙකම පවති. ගෑස් සිලින්ඩරයක අභ්‍යන්තර පීඩනය සෑමවිට ම මිශ‍්‍රණයේ වාෂ්ප පීඩනයට සමාන වේ. උෂ්ණත්වය සමග වාෂ්ප පීඩනය වෙනස් වේ. ඊට අමතරව, එය සංයුතිය සමග ද වෙනස් වේ. (ප‍්‍රස්තාරය බලන්න). මේ ආකාරයෙන් ද්‍රව සහ වාෂ්ප අතර සමතුලිතතාවයක් සිලින්ඩරය තුළ පවත්වා ගෙන යනු ලැබේ. ඔබ ගෑස් කපාට විවෘත කරනවිට, ද්‍රවය සමග සමතුලිතතාවයේ තිබූ වායුව පිටතට පැමිණ සමතුලිතතාවය බිඳී. එවිට LPG නටා වාෂ්ප වී සමතුලිතතාවයට නැවත ස්ථාපිත කිරීමට උත්සාහ කරයි.

ගෑස් ලිප් පිපිරෙන අර්බුදයට - අපිම විසඳුමක් හොයමු



 ඔබ ඔබේ ගෑස් උපකරණ සක‍්‍රීය කරන සෑම අවස්ථාවකම, ඔබේ ගෑස් බෝතල්වල ඇති LPG නටා වාෂ්ප බවට පත්වීමට පටන් ගනී.

 LPG යනු ද්‍රවීකරණය කරන ලද වයුවකි. LPG සිලින්ඩරයක් තුළ ද්‍රව සහ වාෂ්ප (ගෑස්) යන දෙකම සමතුලිතතාවයේ පවති. එබැවින්, සිලින්ඩරය තුළ ඇති පීඩනය ද්‍රවයේ අවසාන බිඳුව වාෂ්පීකරණයවන තුරුම ආසන්න ලෙස නොවෙනස්ව පවති. සිලින්ඩරය වූ ද්‍රවයේ අවසාන බිඳුව වාෂ්පීකරණය වූ පසු වාෂ්ප කොටස පිටතට ගැනීමත් සමග ගෑස් සිලින්ඩරය තුළ පීඩනය ගෑස් පරිභෝජනය සමග පහත වැටෙනු ඇත.

ගෑස් ලිප් පිපිරෙන අර්බුදයට - අපිම විසඳුමක් හොයමු


LPG සිලින්ඩරයක් තුළ ද්‍රව සහ වාෂ්ප (ගෑස්) යන දෙකම සමතුලිතතාවයේ පවති.

 ප‍්‍රස්තාර අංක 1හි දැක්වෙන්නේ සිලින්ඩරයේ අභ්‍යන්තර පීඩනය සංයුතිය අනුව වෙනස්වන ආකාරයයි. කහ සිරස් රේඛාව සෙල්සියස් 32.5 උෂ්ණත්වය නියෝජනය කරයි. තිරස් රේඛා එම උෂ්ණත්වයේ අභ්‍යන්තර පීඩනය නියෝජනය කරයි.

 (අගයන් නිවැරදි නොවිය හැකි අතර, සංකල්පය පැහැදිලි කිරීම සඳහා පමණක් මෙය යොදා ගෙන ඇත.)

 ඉහත වාෂ්ප පීඩන විචලන වක‍්‍ර අනුව ප්‍රොපේන් වැඩි වීමත් සමග අභ්‍යන්තර පීඩනය වැඩි වනබව පැහැදිලිය.

 පීඩන මීටරයකට LPG සිලින්ඩරය සම්බන්ධ කිරීමෙන් අභ්‍යන්තර පීඩනය මැනිය හැක.

 සිලින්ඩරය සුදුසු වායු පීඩන මානයකට සම්බන්ධ කර කපාටය විවෘත කිරීමෙන් අභ්‍යන්තර පීඩනය මැනිය හැක. (ඒසේ කරනවා නම් අවට නිරුවත් ගිනිදැල් නොමැති බවට වග බලා ගන්න.)

 පීඩන මානයන් සහිත පීඩන රෙගියුලේටර ද ඇත.

 පීඩන මානයන් සහිත පීඩන රෙගියුලේටර ද වෙළෙඳ පොළ ඇත. කෙසේ වුව ද මීටර් නැති එකකට වඩා ඒවා උසස් බවට සහතිකයක් ද නැත. එය ඔබගේ අවශ්‍යතාවය මත රඳා පවතී.

 ඉහත පෙන්වා ඇති ප්‍රොපේන් රෙගියුලේටරයට අනුව, එය බාර් 1-16 අභ්‍යන්තර පීඩනයට ඔරොත්තු දෙන අතර එය පිටතට එන වායුවේ පීඩනය මිලි බාර් 20-300 දක්වා නියාමනය කරයි. (මිලිබාර් 1000 බාර් 1 ට සමාන වේ.)

 මෙහි ඇති අනෙක් වැදගත් කරුණ නම් රෙගියුලේටරයේ (Regulator) ක‍්‍රියාකාරීත්වයයි. රෙගියුලේටරය පිටතට එන ගෑස් පීඩනය අඩු කිරීමට සහ නඩත්තු කිරීම කරයි. රෙගියුලේටරය මගින් පිටතට එන පීඩනය අඩු කර ඇති බැවින් ඔබේ ලිප සහ නළ සාමාන්‍යයෙන් මෙම පහළ දමන ලද පීඩනයට ඔරොත්තු දෙන ලෙස සාදා ඇත. රෙගියුලේටරය අසමත් වුවහොත්, සිලින්ඩරයේ ඉහළ පීඩනය ලිප සහ නළවලට දැනෙන්නට පටන් ගනී. එබැවින් ආරක්ෂිත ක‍්‍රියාකාරීත්වය සහතික කිරීම සඳහා රෙගියුලේටරය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

 සාමාන්‍යයෙන් 40/60 (Propane/Butane) මිශ‍්‍රණය සඳහා 32 C දී බාර් 6ට වඩා අඩු පීඩනයක් ජනනය කරයි. කෙසේ වෙතත්, සංයුතිය 32 ක්‍ දී 50/50 දක්වා වෙනස් කළවිට අභ්‍යන්තර පීඩනය බාර් 6කට වඩා වැඩි වේ. (ප‍්‍රස්තාරය බලන්න. මේ අවස්ථාවේ පීඩනය බාර් 7-8 පමණ විය හැක). සාමාන්‍යයෙන් ගෘහස්ථ LPG නියාමකයක ප‍්‍රතිදාන පීඩනය (output pressure) මිලිබාර් 30ක් හෝ 2kg/h විය යුතුය.

 ඔබේ රෙගියුලේටරය 50/50 සංයුතිය නිසා ඇතිවන ඉහළ අභ්‍යන්තර පීඩනයට ඔරොත්තු නොදෙනවා විය හැක. මේනිසා ඔබේ ගෑස් රෙගියුලේටරයේ පිරිවිතර (specifications) දැන ගැනීම ඔබට ප‍්‍රයෝජනවත් වනු ඇත. ඔබ කෙතරම් ආරක්ෂිත ද යන්න දැන ගැනීමට මෙය ඔබට උපකාර වනු ඇත. නිසි ලෙස ක‍්‍රියාත්මක රෙගියුලේටරයක් සිලින්ඩරයේ අභ්‍යන්තර පීඩනය මත යැපෙන්නේ නැතිව, මිලි බාර් 30-50 පමණ පීඩනයක් (සාපේක්ෂව අඩු පීඩනයක්) පමණක් ලිප සහ බට වෙත සැපයීමට වග බලා ගනී.

 ශ‍්‍රී ලංකාවේ භාවිතවන බොහෝ ගෘහස්ත රෙගියුලේටරය (නියාමකයන්) 4bar හෝ 6 bar වේ.

 රෙගියුලේටරය (නියාමකය) හා සබැඳි තාක්ෂණික තොරතුරු කිහිපයක් තේරුම් ගැනීමට උත්සාහ කරමු.

 ගෑස් රෙගියුලේටර ක‍්‍රියා කරන ආකාරය

 රෙගියුලේටරය මත, පහත තොරතුරු සාමාන්‍යයෙන් සඳහන් කර ඇත.

 1) එයට ඔරොත්තු දිය හැකි සිලින්ඩරයේ අභ්‍යන්තර පීඩනය.- පෙන්වා ඇති උදාහරණයේ, (රෙගියුලේටරය පින්තූරය බලන්න-2) එය බාර් 1 සිට 16 දක්වා වේ.

 2) රෙගියුලේටරයෙන් පිටතට එන වායුවේ පීඩනය- පෙන්වා ඇති උදාහරණයේ,

 (රෙගියුලේටරය පින්තූරය බලන්න) මිලි බාර් 20-300 දක්වා වේ.

 3) රෙගියුලේටරයෙන් පිටතට ගෑස් ගලා යෑමේ වේගය.

 මෙම දත්ත රෙගියුලේටරයේ විවිධ ආකාරවලින් සටහන් කර තිබිය හැකිය.

 ඔබ සිලින්ඩරයේ අභ්‍යන්තර පීඩනය දන්නේ නම්, එම පීඩනයට ඔරොත්තු දිය හැකි රෙගියුලේටරයක් සොයා ගන්න. ඔබේ රෙගියුලේටරයට පීඩනය දරාගත නොහැකි නම්, නළ සහ දාහකයන්ට පීඩනය දැනෙන්නට පටන් ගනී.

 ගෑස් රෙගියුලේටරය පැරණි වනවිට ගෑස් රෙගියුලේටරයේ ගැටලූ ඇතිවිය හැක. මේවාට අමතරව පැරණි ගෑස් නළ ඉරිතලා, ඇදෙන නැවෙන බව නැති වී, පීඩනය දරාගැනීමේ හැකියාව අඩු වී තිබිය හැක. රබර් ප‍්‍රාචීරයේ ද පීඩනය දරාගැනීමේ හැකියාව නැති වී තිබිය හැක. වැඩි වායු පීඩනයක්, දුර්වල නළ (බට) සහ නුසුදුසු රෙගියුලේටර එකට හමු වූ විට එය මාරාන්තික විය හැක.

 ඔබේ ගෑස් සිලින්ඩරයේ අභ්‍යන්තර පීඩනය පරිසර උෂ්ණත්වය මත රඳා පවතින බව අමතක නොකරන්න. උෂ්ණත්වය සමග පීඩනය වේගයෙන් ඉහළ යයි. සෘජු හිරු එළිය සිලින්ඩරය මතට වැටෙන්නේ නම්, එමගින් ද උෂ්ණත්වය ඉහළ යා හැක.

 ජයන්ත සමරදිවාකර

advertistmentadvertistment