දින පහක් තුළ දෙවැනි වරටත් ඊයේ රටපුරා විදුලි බිඳවැටීමේ සිද්ධියත් සමග කඩාකප්පල්කාරීන්ට එරෙහිව අධිකරණ කි‍්‍රයාමාර්ගයකට යොමුවන බව ලංවිම පාලනාධිකාරිය කියා සිටී. මෙම සිද්ධිය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වාර්තාව ලැබුණු පසු දැඩි ලෙස නීතිමය පියවර ගැනීමට නියමිතය.
ඉකුත් 29 වැනිදා රටෙන් අඩකට පමණ හදිසියේ විදුලිය බිඳ වැටුණ ආකාරයටම ඊයේ (03 වැනිදා) පෙරවරු 11.30 ට පමණ රට පුරාම විදුලි බලය බිඳ වැටීම කඩාකප්පල්කාරී කි‍්‍රයාවක් බවට බරපතළ සැකයක් මතුව ඇතැයි ද පාලනාධිකාරිය සඳහන් කළේය.
කිසියම් කුමන්ත‍්‍රණකාරීන් පිරිසක් විසින් සිදුකළ යම් කඩාකප්පල්කාරී කි‍්‍රයාවක් මත විදුලි පද්ධතිය බිඳවැටීමට පටන් ගැනීමෙන් පසු නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය ද පද්ධතියෙන් ඉවත්වීම නිසා මුළු රටේම විදුලිය බිඳ වැටුණ බව මේ සම්බන්ධයෙන් ‘දිවයින’ කළ විමසීමේදී ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක මෙන්ම ලංවිම ඉංජිනේරු සංගමයේ හිටපු සභාපති නන්දික පතිරගේ මහතා කියා සිටියේය.
අකුරට වැඩ කිරීමේ නිරතව සිටින ඉංජිනේරු සංගමයේ ඇතැමුන් විදුලිය යථා තත්ත්වයට පත් කිරීම ඉතා මන්දගාමී ලෙස සිදු කිරීම පිළිබඳව කනස්සල්ල පළ කරන බව ද ඒ මහතා කීය.
ඊයේ (03 වැනිදා) පෙරවරු 11.35 ට පමණ රටපුරාම විදුලිය බිඳවැටීම සිදු වූ අතර ඉන් පැයක් ඇතුළත හරියටම 12.36 වනවිට කොළඹ ජාතික රෝහල ඇතුළු මර්මස්ථාන කිහිපයකට යළි විදුලි බලය ලබාදී ඇත.
නමුත් නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය විදුලි පද්ධතියෙන් ඉවත්වීම නිසා එම බලාගාරයෙන් ලබාගත් මෙගාවොට් 900 ම විදුලි පද්ධතියට අහිමිවීම බරපතළ ගැටලූවක් බවට පත්ව ඇත.
ජලාශි‍්‍රත බලාගාර පිරී තිබීම නිසා ජල විදුලි නිෂ්පාදනය මේ දිනවල වැඩි වශයෙන් ලබා ගනිමින් තිබූ මුත් මෙරට විදුලිබල අවශ්‍යතාව සපුරා ගැනීමේදී අතිශය තීරණාත්මක නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය අකී‍්‍රය වීම නිසා එමගින් මේ දිනවල ලබා ගනිමින් තිබූ මෙගාවොට් 600 ඉදිරි දින කිහිපයේදීත් ලබාගත නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ.
ඊට හේතුව වන්නේ නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය අකී‍්‍රය වූ පසු එහි බොයිලේරු සිසිල් වනතුරු දින දෙක තුනක් බලා සිටීමට සිදුවන නිසා යැයි ලංවිම ඉංජිනේරුවෝ කියා සිටිති.
එසේ වුවහොත් සවස 6.00 සිට රාතී‍්‍ර 10.00 දක්වා අධික විදුලි ඉල්ලූමක් පවතින කාලයේදී මුළු රටටම අඛණ්ඩව විදුලිය ලබාදීම අභියෝගාත්මක වේ.
මෙවැනි මොහොතක පුද්ගලික ඞීසල් බලාගාර, දැවිතෙල් බලාගාර හා අනෙකුත් වියදම් අධික සියලූම විදුලි උත්පාදනවලින් විදුලිය නිපදවා විදුලි ඒකකයක් අධික මිලට මිලදී ගැනීමට සිදුවන බව ද ඉංජිනේරුවෝ පවසති.
ඞීසල් මාෆියාව සමග එක්වී වැඩි මිලට විදුලිය මිලදී ගැනීමේ සැලසුමක් මත විදුලි ඉංජිනේරුවන් පිරිසක් වැඩ වර්ජනවලට අරඅඳින බවට ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන් කීවේ ඒ නිසා යැයි ද එම සංගමයේ අය කියති.
ඊයේ (03 වැනිදා) පෙරවරුවේ සිට රටපුරා විදුලිය බිඳ වැටීම නිසා කොළඹ ජල සැපයුමට බාධා එල්ල වූ අතර, ජෙනරේටර් නොමැති ඉන්ධන හල්වලින් ඉන්ධන නිකුත් කිරීම නැවතිණි. මීට අමතරව කාර්යාල හා කර්මාන්තවල කටයුතු ද අඩපන වී ගිය අතර විදුලියෙන් සිදු කළ යුතු ගලි කි‍්‍රයාවලිය නතර වී කොළඹ තට්ටු නිවාසවල වැසිකිළි උතුරා පිටාර ගලා ගිය සිද්ධීන් ද වාර්තා වී තිබිණි.
රටපුරාම නිවාසවල පානීය ජලය ලබා ගැනීමේ ගැටලූවල සිට ආහාර පිසීම ආදිය මෙන්ම වෙළෙඳසල් හා එදිනෙදා සුළු සුළු වැඩපළවල නිරත වන අයගේ කටයුතු ද සම්පූර්ණයෙන්ම නතර කර දැමීමට සිදුවිය.
නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය ජාතික විදුලි පද්ධතියෙන් ඉවත් වීම නිසා අද (04 වැනිදා) සිට අඛණ්ඩව විදුලිය ලබාදීමට නොහැකි නිසා වරින්වර විදුලිය කපා හැරීමක් සිදුවනු ඇතැයි ද මණ්ඩලය කියා සිටී. ඊයේ (03 වැනිදා* පෙරවරුවේ රටපුරාම සිදු වූ විදුලි බිඳවැටීම ක‍්‍රම ක‍්‍රමයෙන් ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට ලබාදෙමින් තිබුණ ද සවස 4.15 වනවිටත් රටේ විශාල ප‍්‍රදේශයකට විදුලි බලය ලැබී නොතිබිණි.
මේ අතර රට පුරාම සිදු වූ විදුලි බිඳවැටීම නිසා ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේ ද ඊයේ (03 වැනිදා) පෙරවරුවේ විදුලි විසන්ධි වීම විශේෂත්වයක් විය. නමුත් එහි ඇති ජෙනරේටර් මගින් ක්‍ෂණිකව විදුලි සැපයුම ලබාගෙන ඇත.
කෙසේ වෙතත් මුළු රටම අර්බුදයක ගිය පසු අකුරට වැඩ කිරීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගය නතර කිරීමට ලංවිම විදුලි ඉංජිනේරු සංගමය ඊයේ (03 වැනිදා* සවස 4.00 ට පමණ තීරණය කරනු ලැබීය.
ශීරාන් රණසිංහ, චමින්ද සිල්වා