ගෑස් සිලින්ඩර් ලක්ෂ 8 ක් ලබන සතියේ වෙළෙඳපොළට

186

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ලක්ෂ 8 කට වැඩි ප‍්‍රමාණයක් මෙම සතිය ඇතුළත වෙළෙඳපොළට නිකුත් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම කියයි.

ලාෆ් ගෑස් සමාගමේ නිෂ්පාදන ද අඩාල වීම හේතුවෙන් අතිරේක ඉල්ලූමක් සිය සමාගම වෙත පැවරීම මෙම පවතින ගෑස් හිඟයට හේතු වී ඇතැයි ද එම සමාගම කියයි. මේ පිළිබඳව අදහස් දැක්වූ ලිට්‍රෝ

සමාගමේ අලෙවි හා වෙළෙඳ අධ්‍යක්ෂ ජනක පතිරත්න මහතා මෙසේ කීය. පසුගිය සතියක කාලයේදී අපි ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ලක්ෂ 7 කට අධික ප‍්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කළා. ඒ වගේම මේ සතියේ නැවත ලක්ෂ 8 කට අධික ප‍්‍රමාණයක් අපි නිකුත් කරන්න සූදානමින් ඉන්නේ. තරගකාරී වෙළෙඳපොළේ ගෑස් නොමැතිකම, වර්ෂාව හා භූමිතෙල් කියන කාරණා සියල්ල මෙම ගෑස් ඉල්ලූම වැඩිවීමට ප‍්‍රධාන හේතුවක් වශයෙන් දක්වන්න පුළුවන්. කොහොම වුණත් අපි දෛනික අවශ්‍යතාවට වඩා 25% කට අධික ප‍්‍රමාණයක් මේ වෙනොකට අපි වෙළඳපොළට නිකුත් කරනවා.

අනුර බාලසූරිය සහ ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment