රට තුළ පවතින ගෑස් හිඟය මේ සතිය තුළ අවසන් රන බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමැති ලසන්ත අලගියවන්න මහතා ‘දිවයින’ට ඊයේ (22 දා) පැවැසීය.
ලාෆ් සමාගම විසින් ගෑස් නිෂ්පාදනය නවතා දැමීම නිසා ගෑස් හිඟයක් රට තුළ ඇතිව තිබූ බවත් ලාෆ් ගෑස්වල මිල ඉහළ දැමීමට අවසර ලබාදීම නිසා එම සමාගම ගෑස් නිෂ්පාදනය නැවත ආරම්භ කර බෙදාහැරීම් ආරම්භ කර තිබෙන බව එම ආයතනයේ නිරීක්‍ෂණ චාරිකාවකදී දැකගන්නට ලැබුණු බවත් අලගියවන්න මහතා කීය.
ලිට්‍රෝ ගෑස් සමාගමද ගෑස් නිෂ්පාදන වැඩිකර තිබෙන බවත් එම සමාගම් දෙකම ලබන බදාදා (25 දා) වන විට ගෑස් සැපයීම යථා තත්ත්වයට පත්කරන බවට ප‍්‍රකාශ කර තිබෙන බවත් ඒ සඳහා ආයතන දෙකම තම නිෂ්පාදන ධාරිතාවයන් කඩිනම් කර තිබෙන බවත් ඒ මහතා කීය.
ඒ ආකාරයෙන් ගෑස් නිෂ්පාදනය යථාවත් කිරීමට ආයතන දෙක කටයුතු කරන නිසා මේ සතිය අවසන් වන විට ගෑස් හිඟය නිමාවට පත්වනු ඇතැයිද රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.
චමින්ද සිල්වා සහ අනුර බාලසූරිය