ගිනස් ලෝක වාර්තා දෙකක් තැබූ බොක්සිං වොලිබෝල් හා බැඳුණු ඒ සුන්දර මිනිසා නික්ම ගියේ්ය…

556

මේ දුර්දාන්ත වසංගතය රත්තරන් මිනිස්සු ගණනාවක් අපෙන් උදුරා ගත්හ. ලෝකය අභියස සිය අසීමිත හැකියාව, නිර්මාණශීලීත්වය මෙන්ම මානව දයාව ද මුදා හළ ඇන්ටන් මොහාන් මෝසස් කොවිඞ් ව්‍යසනය රටට අහිමි කළ එවන් සම්පතකි.

 ඔහු ගිනස් ලෝක වාර්තා දෙකක හිමිකරුවෙකි. මේ රටේ ක‍්‍රීඩා මාධ්‍ය ක්ෂේත‍්‍රය එකෙළි කළ විසල් වෘක්ෂයකි. වර්ෂ 1979 දී පැය 14යි විනාඩි 56ක් තනි කකුලෙන් සිටගෙන සිටිමින් කුමාර් ආනන්දන් තැබූ ලෝක වාර්තාව බිඳ දැමුවේ ඔහුය. බොක්සිං පහර දැරීමේ පැසට වැඩිම කාලයක් පහර එල්ල කිරීමේ ලෝක වාර්තාව තැබුවේ ඔහුය. එම වාර්තාව පිහිටුවනු ලැබුවේ වර්ෂ 1999. 12.14 දින වැලිසර නවලෝක ක‍්‍රීඩාංගණයේදී ය.

 අවුරුදු 64ක් යනු මහා වයසක් නොවේ. 1957.03.13 දින උපන් ඔහු 2021.10. 25 දින කොවිඞ් ව්‍යසනයේ ගොදුරක්ව අප හැරදා  ගියේය.

 ජාතිය ප‍්‍රණාමය හිමි විය යුතු මේ නිහඬ මිනිසා තමන් උත්කර්ෂයට නන්වා ගත්තේ නැති  ගැඹුරු මානව ගුණයක් සහිත දුලබ චරිතයක් වූයේය.

ගිනස් ලෝක වාර්තා දෙකක් තැබූ බොක්සිං  වොලිබෝල් හා බැඳුණු ඒ සුන්දර මිනිසා නික්ම ගියේ්ය...
මෝසස් මහතා තනි කකුලෙන් සිටීමේ ලෝක වාර්තාව තබන අවස්ථාවේ ගත් ඡායාරූපයක්.

ඔහු වෘත්තිය ලෙස තෝරා ගත්තේ අප වැනි රටක ඉතාම ආයසයෙන් දරා ගැනීමෙන් මෙන්ම කැපවීමෙන් කළ යුතු ඉසව්වකි. ඒ ක‍්‍රීඩා ඡුායාරූප කරණයයි. හෙතෙම වසර 40කට අධික කාලයක් ක‍්‍රීඩා ඡුායාරූපකරණයේ යෙදුනේය.

 මලල ක‍්‍රීඩාව, දැල්පන්දු, වොලිබෝල් සහ පාපැදි ක‍්‍රීඩා ඉසවු ජනතාව වෙත රැුගෙන යෑම සඳහා ඔහු නිශ්ශබ්දව ජීවිතය කැප කළේය. අද මෙන් තාක්ෂණික පෙළහරක් නැති වකවානුවක ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ සිට සාෆ් ක‍්‍රීඩා උළෙල, පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙල, ආසියානු ක‍්‍රීඩා උළෙල අපේ පාඨකයාට සජීවීකරණය කළ ප‍්‍රධාන සිත්තම්කරුවෙක් ලෙස මොහාන් මෝසස් බුහුමනට ලක් වූ ඉතිහාසයක් තිබිණි.

 ලේක්හවුස් ආයතනයේ ක‍්‍රීඩා පුවත්පත ආරම්භ කළ දින සිට එහි සම්පත් දායක ඡුායාරූප ශිල්පියා වූයේ මොහාන් මෝසස්ය. ඔහු ක‍්‍රීඩා අමාත්‍යාංශයේ නිල ඡුායාරූප ශිල්පියෙක්, ප‍්‍රවෘත්ති නිලධාරියෙක් මෙන්ම මාධ්‍ය අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කළ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමාණිකයන් අතර සම්භාවනාවට ලක් වූවෙකි. ශ‍්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සාමාජිකයෙක් ලෙස කැපවූවෙකි.

 ඇන්ටන් මොහාන් මෝසස් ක්ෂේත‍්‍රයෙන් කවදාවත් විශ‍්‍රාම යෑමට කල්පනා නොකළ මනුෂ්‍යයෙකි. විශ‍්‍රාම ජීවිතය ගත කරන අතරත් ඔහු සෑම ජාතික ක‍්‍රීඩා උළෙලක්ම ආවරණය කළේය. අවසන් වකවානුව දක්වාම ප‍්‍රාදේශීය මට්ටම්වලින් ක‍්‍රීඩා සංගම් සංවිධානය කරමින් නව ක‍්‍රීඩා ප‍්‍රවේශ හඳුන්වා දෙමින් ජාතික ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයට සිය ගරු සේවය මුදා හල ප‍්‍රවීණයෙකි.

 ”සියල්ලටම වඩා වැඩියි මොහාන් ගෙ මනුස්සකම. කවදාවත් කාගෙවත් හිත රිද්දුවෙ නෑ. තමන්ට සිදුවන අකටයුතුවලින් සිත රිද්ද ගත්තෙ නෑ. දුෂ්කර හැම වෙලාවකම දුෂ්කරතාවට පත් වුණු පීඩිත මිනිස්සු එක්ක මොහාන් හිටගත්තා. එයාගෙ තෘප්තිය වුණේ එයා ගත්තු ඡුායාරූප අනෙක් අයට බෙදන එක. ඒ වෙනුවෙන් කවදාවත් මිලක් නියම කළේ නෑ.”

 ඔහු ගැන කී බොහෝ දෙනා කීවේ එසේය.

 ජාතික බිලියඞ් හා ස්නූකර් ක‍්‍රීඩාව නගා සිටුවීමට ඔහු කළ කැපවීම එම සංගමයේ සභාපතිව සිටි වෛද්‍ය පානී සෝමරත්න කීවේ අසීමිත කම්පනයකිනි. කැරම් ක‍්‍රීඩාවක් ලෙස ජනගත කරන්නට ඔහු කැපවුණේය.

 ”මොහාන් මෝසස් ලාංකේය වොලිබෝල් ක‍්‍රීඩාව හා බැඳුණු ඉතාම සුන්දර මිනිසෙක්. ඔහු ගැන එක සටහනක් තබන්නම්. 2006 අගෝස්තු මස 27 දින කොළඹ සුගතදාස

 ගෘහස්ථ ක‍්‍රීඩා පිටියේ පැවැති 10 වන සාෆ් ක‍්‍රීඩා උළෙලේ පිරිමි කාන්තා වොලිබෝල් අවසන් තරග පැවැතියේ ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර එම තරග නැරඹීම සඳහා සුගතදාස ක‍්‍රීඩාපිටියට පැමිණියේ ජන ගඟක් එදා මෙදා තුර එවැනි ජනකායක් සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාගාරයට පැමිණි දිනයක් තවම වාර්තා වී නැහැ. ඒ සුන්දර මොහොත තමන්ගේ කැමරා කාචයට හසුකරගත් එක් කැමරා ශිල්පියකු සිටියා. ඒ තමා මෝහන් මෝසස්. ”අපට එසේ කිව්වේ ප‍්‍රවීණ වොලිබෝල් පුහුණුකරුවෙක් විචාරකයෙක් මෙන්ම පර්යේක්ෂකයෙක් වූ සුසිල් රණසිංහය.

 මේ මිනිසා නික්ම ගොස් ඇත. ඔහුගේ ප‍්‍රිය බිරිය සන්ධ්‍යා මල්ලවාරච්චිය. පුත් ව්‍යාපාර ප‍්‍රවර්ධන කළමනාකරණයේ නියැළෙන ඩිලන් මෝසස්ය. දියණිය ලේක් හවුස් ආයතනයේ මාධ්‍යවේදිනී ටානියා මෝසස්ය.

advertistmentadvertistment
advertistmentadvertistment