ගින්නෙන් අවතැන්වූ 300 ක් කජීමා වත්තේම කූඩාරම් ගසාගෙන පදිංචි වෙති

131

තොටළඟ කජීමාවත්ත නිවාස පේළියක් ඉකුත් අඟහරුවාදා (27 වැනිදා) ගිනි  ගැනීමෙන් පසු අවතැන්වූ තුන්සියයක පමණ පිරිසක් මේ වනවිට ඔවුන් සිටි භූමියේම කූඩාරම් ගසාගෙන ජීවත්වන්නට පටන් ගෙන තිබේ.

මෙම ගින්න ඇතිවූදා සිට නිවාස අහිමිව අවතැන්වූ පිරිසට ආහාරපාන ලබාදීමට නිලධාරීන් පියවර ගත්තත් ඔවුන්ට ස්ථිර නිවාස තනාදීමට තාමත් පියවර ගෙන නැත.

මෙම ගින්නෙන් නිවාස අසූවක් අළු ගොඩක් බවට පත්වූ අතර ඔවුන්ගේ සියලු වත්කම් ගින්නෙන් විනාශවී ගොස් ඇත.

නිවාස අහිමිව සිටින පිරිස වෙනත් තැනකට රැගෙන යෑමට බලධාරීන් උත්සාහ කළත් එම පිරිස ඊට එකඟ නොවී කජීමාවත්තේම කුඩාරම් තනාගෙන තිබේ.

අවතැන්ව සිටින පිරිසට සහන සැලසීමට අදාළ විශේෂ සාකච්ඡාවක් වේල්ලවීදිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අද (03 වැනිදා) පවත්වන බව ද එම ජනතාවට දැනුම් දී ඇත.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment