ගිනිඅවි 15ක් – වරෙන්තුකරුවෝ 8ක් සහ ජාවාරම්කරුවෝ 10ක් අත්අඩංගුවට

35

අරලගන්විල හදිසි වැටලීමකින්

අරලගන්විල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කරන ලද හදිසි වැටලීමකදී මෙරට සාදන ලද ගිනි අවි 15ක්, අධිකරණ වරෙන්තුකරුවන් 8 දෙනෙක් ගංජා සමග නීති විරෝධි මත්පැන් ජාවාරම්කරුවන් 10 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ යුක්තිය මෙහෙයුම් වැඩපිළිවෙළ යටතේ පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සිල්වා, පොලිස් අධිකාරි ප්‍රගති අබේසිංහ යන මහතුන්ගේ උපදෙස් පරිදි අරලගන්විල පොලිසියේ නිලධාරීන් හා නිලධාරීනියන් මෙම මෙහෙයුමට එක්විය.

වැටලීමේදි මෙරට සාදන ගිනිඅවි 17ක් අධිකරණවල විභාගවෙන විවිධ නඩුවලට පෙනී නොසිටින වරෙන්තුකරුවන් 8 දෙනෙක් නීතිවිරෝධී මත්පැන් ගෝඩා, බැරල් කසිප්පු පෙරීම සඳහා උපයෝගී කරගත් උපකරණ සමග පුද්ගලයන් 10 දෙනෙක් අත්අඩංගුවට ගත් බව වැටලීම සිදුකළ පොලිස් නිලධාරියකු සදහන් කළේය. පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයන් පොලොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර නඩු පවරා තිබේ.

ඇළහැර – නිශ්ශංක වෙලගෙදර


advertistmentadvertistment