ගිනිගත්හේනේ පස් කඳු කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා

384

ගිනිගත්හේන නගරයට පස් කඳු කිහිපයක් කඩා වැටී ඇති අයුරු සහ පහත් බිම් ජලයෙන් යට වී ඇති අයුරු.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන නගරයට ඉහළින් වු පස් කඳු කිහිපයක් ප‍්‍රධාන මාර්ගයට 12 දින කඩා වැටීමෙන් හැටන් මහනුවර සහ හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා ගමනය තාවකාලිකව ඇනහිට ඇති බව නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකෝන් මහතා පැවසීය.

 ගනිගත්හේන නගර මධ්‍යයේ ගාල් කර තිබු කුඩා ලොරි රථයක් සහ ත‍්‍රිරෝද රථයක් මතට පස් කන්දක් කඩා වැටී ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසීය.

 ගිනිගත්හේන, නාවලපිටිය ප‍්‍රධාන මාර්ගයේ අඹගමුව ප‍්‍රදේශයේ ස්ථාන කිහිපයකම ප‍්‍රධාන මාර්ගයට පස් කඳු කඩා වැටී ඇති බවත් එම පස් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ නිලධාරින් විසින් ඉවත් කිරීම ආරම්භ කර ඇති බව පොලිසිය පැවසීය.

 හැටන් ඔය පිටාර ගැලීමෙන් වටවල ප‍්‍රදේශයේ පහත් බිම් ප‍්‍රදේශවල පිහිටි නිවාස රැසක්ද ජලයෙක් යටවී ඇති බව වටවල පොලිසිය පැවසීය.

නුවරඑළිය – නාලක රත්නායක


advertistmentadvertistment