ගිනිගත්හේන ගිනි තියන රිලවු

359

රිළා ගහණය වැඩිවී බව භෝග විනාශ කිරීම හේතුවෙන් තමන් දැඩි ආර්ථික දුෂ්කරතාවයකට මුහුණ දී සිටින බව ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් ගම්මාන රැසක ජනතාව පවසති.
ගිනිගත්හේන, ලක්ෂපාන, හඟරාපිටිය,ල කිරිවන්එළිය, අඹගමුව, කොත්තැල්ලෙන, දාගම්පිටිය, මොරහේනගම, ඇබර්ඩීන්, කළවැල්දෙණිය,නෝටන්බ්‍රීජ් යන ගම්මානවල සැරිසරණ රිළවු රංචු නිසා පළතුරු ඇතුළු තම කිසිදු වගාවක් බේරා ගැනීමට නොහැකි වී ඇති බව එම ගම්වාසී ජනතාව කියා සිටිති.
රංචු පිටින් ගම් වදින මෙම රිළවුන් සුළු වේලාවක් තුළදී අක්කර ගණනක් වගාවන් විනාශ කර පලා යන බව පවසති. එක් රංචුවකට රිළවුන් 30 කට ආසන්න ප්‍රමාණයක් සිටින බව පවසන මෙම ජනතාවල කෘෂි කර්මාන්තය තම ප්‍රධාන ජීවන වෘත්තීය කරගෙන සිටින නිසා අස්වැන්න නෙළීමට පෙර වගාවන් වලට හානි කිරීමෙන් තමන් දැඩි ආර්ථික ගැටළු රැසකට මුහුණ දී සිටින බවද පවසති.
රිළවුන් පන්නා දැමීමට විවිධ උපක්‍රම යෙදුවත් ඒ සියළු දේට රිළවුන් මේ වන විට හුරු වී සිටින නිසා තමන් දැඩි ලෙස අසරණව සිටින බව මෙම ගොවි ජනතාව පෙන්වා දෙති.
මෙම රිළා තර්ජණයට විසඳුමක් නොලැබුණහොත් තමන්ට කෘෂි කර්මාන්තයෙන් ඉවත් වීමට සිදුවන බවත් ජීවන වෘත්තීයක් නොමැතිවීමෙන් තමන් දැඩි ලෙස අසරණ වන බවත් පවසන මෙම ජනතාව මහා ව්‍යසනයක් වී ඇති රිළා උවදුර නැති කිරීම සඳහා කඩිනම් ස්ථීර විසඳුමක් ලබා දෙන ලෙස පීඩාවට පත් ජනතාව රජයේ වගකිවයුත්න්ගෙන් ඉල්ලා සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment