ගිනි ගැනීමෙන් විනාශ වී මුහුදුබත්ව ඇති එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ අධීක්‍ෂණය මත සිදුකෙරෙන බව අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළාය.
නෞකාවේ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු සඳහා එම නෞකාව අයත් මවු සමාගම විසින් මේ වනවිට ටෙන්ඩර් කැඳවා ඇත.
මේ සඳහා පාර්ශ්ව අටක් ඉදිරිපත් වී ඇති බවත් ඉන් තෝරාගනු ලබන සමාගම කුමක් ද යන්න දැනුම් දීමෙන් පසු අදාළ සමාගම ඉදිරිපත්කරන යෝජනා සැලකිල්ලට ගෙන සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ කොන්දේසි සහ උපදෙස් මත සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු සිදුකළ යුතු බවත් සභාපතිනිය සඳහන් කළාය.
සුන්බුන් ඉවත් කිරීමට පෙර නැවේ තවදුරටත් තෙල් තිබේ ද කියා සොයා බලා තෙල් ඇත්නම් ප‍්‍රථමයෙන් එම තෙල් ඉවත් කිරීමට පියවර ගත යුතු බව ද ඇය සඳහන් කළාය.
අනුර බාලසූරිය