ගිය මාසයේ එක් දිනකට කොරෝනා මරණ 44ක් – දින 31ට 1321 ක් මියගිහින්

95

ගෙවී ගිය ජුලි මාසය තුළ කොරෝනා ආසාදනය වීමෙන් එක් දිනකට පුද්ගලයන් 44 දෙනකුු මියගොස් ඇති අතර ඒ අනුව දින තිස්එකක කාලය තුළ කොරෝනා වසංගතයෙන් මෙරට තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 1321 බව වසංගත රෝග විiා ඒකකයේ දත්ත අනුව තහවුරු වෙයි.

මේ වන විට අඛණ්ඩව ආසාදිතයන් වාර්තා විමේ වැඩිවීමක්ද යළි දක්නට ලැබෙන අතර ඉකුත් දින තුනක කාලය පුරා දෙදහස ඉක්ම වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් මෙරටින් වාර්තා විය.

යළි හිස ඔසවමින් තිබෙන කොරෝනා වසංගතයේ මෙරට වත්මන් තත්ත්වය එසේ වෙද්දී ශී‍්‍ර ලංකාව ඇතුළු ලොව පුරා වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ක‍්‍රමයෙන් ඉහළ යමින් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයද ස`දහන් කර ඇත.

එම සංවිධානය පෙන්වා දෙන්නේ ඉන්දියාවෙන් හ`දුනා ගැනුණු ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදයේ ශීඝ‍්‍ර ව්‍යාප්තිය සහ පුද්ගල සංචරණයන් මෙම තත්ත්වයට හේතු වී තිබෙන බවකි. මේ වන විට ලොව රටවල් 132 ක ඩෙල්ටා ප‍්‍රභේදය පැතිරී ගොස් තිබෙන බවද එම සංවිධානය පවසා තිබේ.

ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදය හේතුවෙන් ඉකුත් සතියේදී පමණක් ලොව පුරා රටවලින් ආසාදිතයන් මිලියන හතරක් වාර්තා වූ බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රධානී ටේඞ්රෝස් ගේබ්රියේසස් ස`දහන් කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය එසේ ස`දහන් කරද්දී ඉදිරි මාස කිහිපය තුළ මෙරට කොරෝනා ව්‍යාප්තියේ දරුණුම අවදිය උදාවිය හැකි බවට හොංකොන් විශ්වවිiාලයේ වෛරසවේදය පිළිබ`ද මහාචාර්ය මලිත් පීරිස් මහතාද ස`දහන් කරයි.

ඉදිරි සති කිහිපය තුළ ඉන්දීය ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදය මෙරටට විශාල බලපෑමක් එල්ල කරනු ඇති බව ස`දහන් කර ඇති ඒ මහතා, ඒ අනුව අදාළ කාල සීමාවේදී කොරෝනා වසංගතයේ දරුණුම අවස්ථාවට මුහුණු දීමට ශී‍්‍ර ලංකාවට සිදුවනු ඇතැයිද අනතුරු අ`ගවා තිබේ.

අන්තර්ජාල තාක්‍ෂණය ඔස්සේ කොළඹ පැවති සම්මන්ත‍්‍රණයක් අමතමින් ඒ මහතා මේ බව අවධාරණය කර ඇත.

මේ අතර නිරෝධායන නීති සහ මාර්ගෝපදේශ නිසි පරිදි කි‍්‍රයාත්මක වන බවක් හෝ ජනතාව අතරින් සැලකියයුතු පිරිසක් ඊට අනුගතව කටයුතු කරන බවක් මේ වන විට පෙනෙන්නට නැතැයි මෙරට තුළ පවතින වත්මන් වාතාවරණය පිළිබ`ද ප‍්‍රකාශයක් කරමින් ශී‍්‍ර ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදය ක‍්‍රමයෙන් පැතිර යමින් තිබෙන මේ මොහොතේ සමාජයක් ලෙස අප අපවම රවටා ගනිමින් සිටින අතර අද (02 වැනිදා* සිට කි‍්‍රයාත්මක නව තීරණ තුළින් දරුණු අනතුරකට අත වැනීමක් සිදුවිය හැකි බවද එම සංගමය පවසයි.

තීන්දු තීරණ ගන්නා බලධාරීන් සහ නිලධාරීන් වෙනදාටත් වඩා නිසි සෞඛ්‍ය උපදෙස් අනුව යමින් කි‍්‍රයාත්මක වීම අනිවාර්ය අවශ්‍යතාවක් වී තිබියදී පවතින වසංගතය අවම කිරීමේ කටයුතු අමතක කර එදිනෙදා කටයුතු කිරීමේ ප‍්‍රවණතාවක් දක්නට ලැබෙන බවද එම සංගමය ස`දහන් කරයි.

එන්නත් ලබා දුන් පමණින් කොරෝනා අඩපණ කළ හැකි බව බලධාරීන් හෝ රටේ ජනතාව කල්පනා කරන්නේ නම් එය අතිශය දරුණු අනතුරක ආරම්භ විය හැකි බව එම සංගමයද අවධාරණය කරයි.

පවතින වසංගත තත්ත්වය හමුවේ මෙරට දිස්ති‍්‍රක්ක  ගණනාවකින් ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිත වූ ආසාදිතයන් හ`දුනා ගනු ලැබූ බව ඒ පිළිබ`ද පරීක්‍ෂණ සිදු කළ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිiාලය ඉකුත් දා ස`දහන් කර තිබිණි.කොළඹ, මාතර, ගාල්ල, කළුතර, ගම්පහ, මාතලේ, වව්නියාව, ති‍්‍රකුණාමලය, මුලතිව්, කිලිනොච්චිය සහ යාපනය දිස්ති‍්‍රක්කවලින් එසේ ඩෙල්ටා ආසාදිතයන් හ`දුනා ගනු ලැබිණි.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයන් 1792 දෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අංශ ඊයේ ස`දහන් කළේය.

එම පිරිසත් සම`ග කොරෝනා වෛරසය ආසාදනය වී ප‍්‍රතිකාර ලැබීමෙන් පසු පූර්ණ සුවය ලද මෙරට සමස්ත සංඛ්‍යාවද 278910 දක්වා ඉහළ ගියේය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment