පසුගිය සතියේ පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 693 දෙනකු වාර්තා වූ බවත් පවතින තත්ත්වය යටතේ රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළයෑමේ අවදානමක් පවතින බවත්, ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
ඩෙංගු ව්‍යාප්තිය වළක්වාලීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ වනවිට පරීක්ෂා කිරීම් ආරම්භ කර ඇතත්, ජලය පිරී ඇති ස්ථානවල ඩෙංගු කීටයන් බෝවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බැවින් එවැනි ස්ථාන ඉවත් කිරීමට සහ පිරිසිදු කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අනෝජා වීරසිංහ මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.
සුජීව තත්සර