ගුණාත්මක කාබනික පොහොර නිපදවීමේ අභියෝගය අපි භාරගත්තා: යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

684

යුද හමුදාව නිපදවූ කාබනික පොහොර ලක්පොහොර සමාගමට භාරදීම ඇරඹේ

කාබනික පොහොර නිෂ්පාදනය හා කාබනික ගොවිතැන ප‍්‍රචලිත කිරීමේ රජයේ වැඩපිළිවෙළ අනුව යමින් යුද හමුදාව විසින් කාබනික පොහොර මෙටි‍්‍රක් ටොන් 25000 ක් නිෂ්පාදනය කර ලබාදීමේ අරමුණෙන් යුද හමුදාවේ සියලූ ආරක්ෂක සේනා විසින් කාබනික පොහොර නිෂ්පාදනය කර ලබාදිම මේ වනවිට ආරම්භ කර ඇතැයි යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ගුණාත්මක කාබනික පොහොර නිපදවීමේ අභියෝගය අපි භාරගත්තා: යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය කරනු ලැබූ කාබනික පොහොර කිලෝ ග‍්‍රෑම් 91000 ක් ලක් පොහොර සමාගම වෙත ලබාදීම වෙනුවෙන් ත‍්‍රිකුණාමලයේ පිහිටි 22 සේනාංක මූලස්ථානයේ පැවැති උත්සව අවස්ථාවේදී යුද හමුදාපතිවරයා එසේ කීය.

ලක් පොහොර සමාගමේ නැගෙනහිර ප‍්‍රාදේශීය කළමනාකාර ආර්.එම්. ධම්මික රත්නායක මහතා වෙත යුද හමුදාපතිවරයා විසින් නිල වශයෙන් මෙම පොහොර තොගය ලබාදීම සිදු කළේය.

තවදුරටත් අදහස් දැක්වූ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ ඉදිරි කාලයේදීත් ශ‍්‍රී ලංකා යුද හමුදා කෘෂිකර්ම අධ්‍යක්ෂ මණ්ඩලය හා කෘෂිකර්ම රෙජිමේන්තුව මගින් හා රටේ පිහිටි අනෙකුත් ආරක්ෂක සේනා කඳවුරු වලිනුත් අපිට හැකි පමණින් කාබනික පොහොර නිපදවා රටේ වස විස නැති කෘෂි කර්මාන්තය වෙනුවෙන් ලබාදීමට ඉදිරි කාලයේදී කටයුතු කරන බවයි.

”දිනකට කොවිඞ් ආසාදිතයන් 700 ක් පමණ වාර්තා වෙනවා. මිය යෑම් සංඛ්‍යාව 15ත් 30 දක්වා වාර්තා වෙනවා. මියයන අය සැලකීමේදි බහුතරයක් වයස අවුරුදු 75ට 80 ට වැඩි අයයි. මියයන ප‍්‍රමාණය ගත් විට සියයට 80 ක් මේ වයස් කාණ්ඩවල අයයි. කොවිඞ් එන්නත්කරණයේදී එන්නත ලබාගැනීමට සුදුසු අයගෙන් 84% ක් එන්නත ලබාගෙන තියනවා. පළමු මාත‍්‍රාව ලබා දීමේදී වෙනත් රටවල් හා සාපේක්ෂව බැලීමේදී සැලකිය යුතු ප‍්‍රමාණයකට එය ලබාදීමට අපිට හැකියාව ලැබී තියනවා. මේ වන විට බූස්ටර් එන්නත ලබාදීම ආරම්භ කරලා තියනවා. රටේ ජීවත්වන වයස අවුරුදු 60 වැඩි සියලූ දෙනාට බූස්ටර් එන්නත ලබාදීම ආරම්භ කළා. වයස අවුරුදු 60 වැඩි අයට බූස්ටර් එන්නත ලබාදීමේදි පැමිණීමට අපහසු නම් මීට ප‍්‍රථම අපි කළ ආකාරයට ජංගම ආකාරයෙන් මෙම එන්නත ලබාදෙන ලෙස ජනාධිපතිතුමා උපදෙස් ලබාදී තිබෙනවා යැයි පැවසීය.

මෙම අවස්ථාවට නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් චන්න වීරසූරිය, 22 සේනාංකාධිපති මේජර් ජෙනරාල් සනත් අලූවිහාරේ, 23 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් නලින් කොස්වත්ත යන මහත්වරු සහභාගි වූහ.

සමන් මල්ලවාරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment