ගුත්තිල මූසිල ගැටුම ප්‍රේකෂක අවධානයට

398

කලකට පසුව පවුල් පිටින් එක්ව නරඹන විශිෂ්ට චිත්‍රපටයක් ලෙස සනත් අබේසේකර අධ්‍යක්ෂණය කළ ”‍ගුත්තිල”‍ සිනමා පටය තිරගතවීම ආරම්භ කළ දින පටන් ගමත් නගරයත් එකසේ යා කරමින් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද දිවයින පුරා සිනමා ශාලාවන්හී සාර්ථක ලෙසින් තිරගතවේ. අනුරාධපුර, මහනුවර , කුරුණෑගල ඇතුළු නගර කිහිපයකම සිනමා ශාලාවන් හී ආසන සියල්ල පිරී ඉතිරී ගියේ සිංහල සිනමාව පිළිබඳව නැවුම් බලාපොරොත්තුවක් එක්කර දෙමිනි.

පන්සිය පනස් ජාතක කතා අතර, ප්‍රචලිතම ජාතක කතාවක් ලෙස සැලකෙන ගුත්තිල ජාතක කතාවත්, ඒ අනුසාරයෙන් පූජ්‍ය වෑත්තෑවේ හිමියන් විසින් රචිත ගුත්තිල කාව්‍ය කෘතිය , අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් විෂය නිර්දේශයන්ට ඇතුළත්ව තිබීමත් හේතුවෙන් පාසල් දරු- දැරියන් මෙම සිනමා පටය නැරඹීමට විශේෂ උනන්දුවක් දක්වා ඇත.

● ඇන්ටන් ජේ. ප්‍රනාන්දු, ඡායාරූපය – යු.කේ. අබේරත්න.


advertistmentadvertistment