ගුරුවරයාගේ අමානුෂික පහර දීමෙන් දරුවා රෝහලේ

63

මුලතිව් මහා විද්‍යාලයේ උසස් පෙළ පන්තියක ඉගෙනුම ලබන ශිෂ්‍යයකුට එම පාසලේ ගුරුවරයකු විසින් ඉතා අමානුෂීය ලෙස පහර දීම නිසා එම සිසුවා (24දා) මුලතිව් රෝහලට ඇතුළත් කොට තිබේ.

මුලතිව් ප්‍රදේශයේම පදිංචි මෙම සිසුවා අදාළ ගුරුවරයාගේ බාහිර කටයුත්තකට සහය නොදැක්වීම නිසා උරණ වී ශිෂ්‍යාට පහර දී තිබේ.

ශිෂ්‍යයාගේ කම්මුල්වලට වැරෙන් පහරවල් කීපයක්ම ගුරුවරයා විසින් එල්ල කිරීම නිසා සිසුවාගේ දත්වලට හා හක්කට හා කම්මුල්වලට ද තුවාල සිදු වී තිබේ.

මුලතිව් රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කළේ සිසුවාගේ මුහුණ අසාමාන්‍ය ලෙස ඉදිමී ඇති නිසා ඔහුව එක්ස් කිරණ පරීක්ෂණයකට යොමු කොට ඇති බවයි.

මෙම පහර දීම සම්බන්ධයෙන් සිසුවාගේ දෙමව්පියන් පාසලේ විදුහල්පතිවරයාට මුලතිව් අධ්‍යාපන බලධාරීන්ට හා පොලිසියට පැමිණිලි කොට තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment