ගුරුවරුන් 98% ක් ඊයේ පාසල් ගියේ නෑ… මහින්ද ජයසිංහ

53

පාසල් ආරම්භ කරනු ලැබුවත් ගුරු විදුහල්පතිවරුන්ගේ පැමිණීම සියයට අනූඅටකින් (98%) අඩුවී තිබූ බව ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (21 දා) පැවසීය.

අද (22 දා) දිනයේ ද ගුරු – විදුහල්පතිවරුන් සේවයට වාර්තා නොකරන බවත් ලබන සඳුදා (25 දා) ගුරු – විදුහල්පතිවරුන් සේවයට වාර්තා කළත් පෙරවරු 7.30 සිට දහවල් 1.30 දක්වා දරුවන්ගේ අධ්‍යාපන ලබාදීම පමණක් සිදු කරන බවත් ඔහු කීය.

මේ වනවිට ගුරුවරුන්ට ඉගැන්වීම්වලට අමතරව කොළ පිරවීම් සිදුකරන බවත් එවැනි දේ සිදු නොකිරීමට වගබලා ගන්නා බවත් ජයසිංහ මහතා පැවසීය. ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව මුල්කරගෙන ගෙනගිය වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දෙමාපියන් දැනුවත් කිරීමට 26 වැනිදා සිට කටයුතු කර නොවැම්බර් 03 වැනිදා දෙමාපියන් සහභාගි කරගෙන උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු කරන බවත් හෙතෙම කීය. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදුකිරීම රජය මගින් අයවැයෙන් සහනයක් දෙන බවට වූ පොරොන්දුව මත සිදුකරන බවත් එම පොරොන්දු කඩකරන්නේ නම් නැවත වෘත්තීය කි‍්‍රයාමාර්ගවලට යොමුවීමට ගුරු – විදුහල්පතිවරුන්ට සිදුවන බවත් ඔහු වැඩිදුරටත් කීය.

 චමින්ද සිල්වා

advertistmentadvertistment