* ප‍්‍රදේශ 4 කින් රථ පෙළපාලි
* කළුකොඩි – විරෝධතා පුවරු දිස්වෙයි
* උසාවි නියෝගය කියවයි විරෝධතාකරුවෝ එකග වෙති

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසඳුම් ඉල්ලා දින 24 ක අඛණ්ඩ ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්ව සිටින ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සංගම්වල සාමාජිකයෝ ඊයේ (04 දා) ප‍්‍රදේශ හතරක සිට රථ පෙළපාලිවලින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතාවයක නිරත වූහ.
විරෝධතාකරුවෝ මීගමුව පාර, වැලිසරන්, නුවර පාර කඩවතින්, හයිලෙවල් පාර කොට්ටාවෙන් සහ ගාලූපාර මොරටුවෙන් ඊයේ (04 දා) පෙරවරු 10.00 ට විරෝධතා රථ පෙළපාලිය ආරම්භ කර ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණියහ. මෙහිදී විරෝධතාකරුවන් යතුරුපැදි, මෝටර් රථ සහ ලොරිවල නැගි කළුකොඩි සහ විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් කොළඹට පැමිණීම ආරම්භ කිරීමත් සමඟ පැමිණි මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ඇතිවිය.
විරෝධතාවය ආරම්භ කිරීමට පෙර වත්තල සහ මහර මහෙස්ත‍්‍රාත් අධිකරණවලින් මෙම විරෝධතා රථ පෙළපාලියට එරෙහිව වාරණ නියෝග ලබා ගෙන තිබූ පොලිසිය විරෝධතාකරුවන්ට පෙන්වීමෙන් පසු සෞඛ්‍ය නීති පිළිපදිමින් මාර්ගය අවහිර නොවන ලෙස ගමන් කිරීමට කටයුතු කරන බවට වෘත්තීය සමිති නායකයෝ ප‍්‍රකාශ කර විරෝධතා රැලිය ආරම්භ කළහ.
මෙලෙස කොළඹට පැමිණි විරෝධතාකරුවන් සමඟ ජනාධිපති අතිරේක ලේකම් වර්ණන් පෙරේරා මහතා සාකච්ඡුා කළ බවත්, එහිදී ඔහු ජනාධිපති ලේකම්වරයා විසින් ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවට විසඳුම් ලබාදීම සඳහා කමිටුවක් පත්කර ඇති බවත්, සති දෙකකින් එහි වාර්තාව ලබා දෙන ලෙස උපදෙස් දී ඇති බවත් ප‍්‍රකාශ කරන ලද බව ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය. එහිදී වෘත්තීය සමිති නායකයන් විසින් ගුරු වෘත්තීය ගැටලූ විසඳීම සඳහා ලබන සඳුදා (09 දා* කැබිනට් මණ්ඩලයේදී නැවත සාකච්ඡුා කරන බවට ප‍්‍රකාශ කර ඇති නිසා එහිදී හෝ මෙම ගැටලූව කඩිනමින් විසඳීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටි බව ද ස්ටාලින් මහතා කීවේය.
කෙසේ වෙතත් තම ඉල්ලීම්වලට විසඳුම් ලැබෙන තෙක් වෘත්තීය ක‍්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යෑමට තීරණය කළ බව ජෝසප් ස්ටාලිං මහතා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා