ගුරු දම්සිරි මතක සැරිය… ඔක්තෝබර් මස 04 වන දිනට යෙදෙන ධර්මසිරි ගමගේ ජන්ම දින සැමරුම නිමිත්තෙනි….

417

ගුරුතරුව වී අපේ නිර්මාණ නුඹ පෙතේ
සරුසාර අස්වැන්න නෙළන්නට දුන් සිතේ
හුරුකෙරූ වින්දනයෙ රස පහස කවි සිතේ
විරුවෙකිය සාහිතයෙ සනාතන පිං කෙතේ

මාළිගා නොසැදු මාළිගා වත්තේ
මහරජාණන් ඔබය රන් කිරුළු නැත්තේ
මිනිස්කම් කිරුළගෙන හිස පැළඳ ගත්තේ
හිස්වෙච්ච සිහසුනට වෙන කෙනෙකු නැත්තේ

පන්හිඳට පණ දුන්නු අරුම සුළවතාණන්
බෝසත් ගුණෙන් යුත් සොඳුරු හිතවතාණන්
පහන් වැට දරු කැළගෙ මහරු පියසදාණන්
තැවුල්පත් ලොවට ආ කාරුණික වෙදාණන්

සසර සැරියේ අරුම ඉතින් පිළිගත යුතුය
ආපු හැම දෙනාටම යෑමේ අයිතිය සතුය
ඔබේ මතකෙට සදා මියෙන තුරු අප නතුය
බුදුවෙන්න පෙරාතුව – එකම එක වතාවක්

නැවත හමුවිය යුතුය !

යමුනා මාලනී පෙරේරා


advertistmentadvertistment