ගුරු – විදුහල්පති වැටුප් ගැටලූව විසඳීමේ ප‍්‍රතිඵල ගමේ දරුවන්ට දෙන්න – අධ්‍යාපන ඇමැති

59

වසර 24 ක් තිස්සේ නොවිසඳුණු ගුරු විදුහල්පති වැටුප් ගැටලූව විසඳීමේ ඵලප‍්‍රයෝජන ගම්වල දරුවන්ට ලබාදෙන ලෙස අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පෙරේදා (16 දා) ඉල්ලා සිටියේය.

ගුරු විදුහල්පති වැටුප් ගැටලූව විසඳීම සඳහා මුදල් ඇමැතිවරයා විසින් රුපියල් මිලියන 30,000 ක් අයවැයෙන් වෙන්කර දීමට කටයුතු කළ බවත් අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ සුබසාධක සංවිධානවලට භාණ්ඩ හා පොල් පැළ බෙදාදීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී යදමිණි ගුණවර්ධන, සීතාවක ප‍්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත රෝහණ යන මහත්වරුන් ඇතුළු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

චමින්ද සිල්වා


advertistmentadvertistment