ගුරු සටන අද කොළඹට

257

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසඳුම් ඉල්ලා ප‍්‍රදේශ හතරක සිට දැවැන්ත රථ පෙළපාලිවලින් ගුරුවරුන් අද (04* කොළඹට පැමිණෙන බව ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ‘‘දිවයින’’ට පැවසීය.

 නුවර පාර කඩවතින්, මීගමු පාර වැලිසරින් කොට්ටාවෙන් සහ මොරටුවෙන් පෙරවරු 10.00 ට රථ පෙළපාලිය ආරම්භ කර ජනාධිපති මන්දිරය වෙත පැමිණෙන බවද ඒ මහතා සඳහන් කළේය.

 ගුරු වෘත්තිය සමිති ඉල්ලීම්වලට විසඳුම් ලබා දීම සඳහා අධ්‍යාපන ඇමැති ජී. එල්. පීරිස් මහතා සම`ග ඊයේ (3 දා* සිදු කළ සාකච්ඡුාවේදි එළඹෙන අයවැයෙන් වැටුප් විෂමතා ඉවත් කිරීමට විසඳුම් ලබා දෙන බව ප‍්‍රකාශ කළද එය පිළිගත නොහැකි බව වෘත්තීය සමිති ඇමැතිවරයාට ප‍්‍රකාශ කළ බවද ජයසිංහ මහතා කීවේය.

 ගුරු විදුහල්පති ඉල්ලීම්වලට මෙතෙක් විසඳුමක් ලැබී නැති නිසා ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඉවත්වීම ඇතුළු වෘත්තීය ක‍්‍රියාමාර්ග ඉදිරියටත් ගෙනයන බවද ඒ මහතා තවදුරටත් පැවසීය.


 චමින් ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment