ගුරු සේවයේ 3 – II මූලික වැටුප 106% කින් වැඩි කළේ රනිල්ගේ රජයයි: එජාප සභාපති වජිර අබේවර්ධන

36

2015 ජනවාරි 08 වැනිදා රනිල් වික‍්‍රමසිංහ මහතා රටේ අගමැති ධුරයට පත්වීමෙන් පසු ශී‍්‍ර ලංකා ගුරු සේවයේ 3-II මූලික වැටුප රුපියල් 13,410.00 සිට රුපියල් 27,740.00 දක්වා 106% ක ප‍්‍රතිශතයකින් වැඩි කළ බවත් ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I පන්තියේ අයකුගේ මූලික වැටුප රුපියල් 36,755.00 සිට රුපියල් 76,175.00 දක්වා 107% ක ප‍්‍රතිශතයකින් වැඩි කළ බවත් එක්සත් ජාතික පක්‍ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.

 වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙළ සම්බන්ධව කරන්දෙණිය මැතිවරණ කොට්ඨාසයේ එජාප කි‍්‍රයාකාරීන් දැනුවත් කිරීම සඳහා පැවැති කි‍්‍රයාකාරී හමුවේදීය.

 කරන්දෙණිය එක්සත් ජාතික පක්‍ෂ සංවිධායක නීතිඥ නුවන් සොමිරත්න මහතාගේ පක්‍ෂ කාර්යාලයේ පැවැති එම කි‍්‍රයාකාරී හමුව ආරම්භ කිරීමට මත්තෙන් එහි පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කීය.

 2013, 2014 වර්ෂවලදී රට මුහුණ පා තිබුණු ඛේදවාචකය හමුවේ 2015 ජනවාරි 08 වැනිදා වනවිට හදිසි මැතිවරණයක් පවත්වා පාලන බලය වෙනස් කිරීමට සිදුවුණු අතර 2015 දී රට භාර ගන්නා විටත් කථිකාව පැවතුණේ ලෝකයේ ඇති ආර්ථික අර්බුදය නිසා රටේ ආර්ථික ප‍්‍රශ්නය විසඳිය නොහැකි බවයි.

 නමුත් 2015 ජනවාරි 08 වැනිදා රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය ධුරය භාර ගනිමින් විධායක ජනාධිපතිවරයාගේ බලතල ජනතාවට දුන් පොරොන්දුව අනුව අහෝසි කරමින් විධායක බලයෙන් කොටසක් අගමැතිවරයා ලෙස භාර ගනිමින් පැය 48 ක් ගත වීමට පෙර ඞීසල්, පෙට‍්‍රල්, භූමිතෙල් හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අඩුකර, රජයේ හා පෞද්ගලික අංශවල වැටුප් වැඩි කරමින්, විශ‍්‍රාම වැටුප් වැඩි කරමින් සිවුශේෂී පෙරළියක් සිදුකළා.

 රසායනික පොහොර මෙන්ම කාබනික පොහොර ලෝකයේ රටවල නිෂ්පාදනය කරනවා. ඒවා ගෙන්වීම හා ඒවායෙහි ප‍්‍රමිතිය රජය විසින් සොයා බැලිය යුතුයි. එසේ නොමැතිව ලෝකයේ කොහේ හෝ රටකින් කල් ඉකුත්වූ පොහොර, එහෙමත් නැතිනම් ප‍්‍රමිතියෙන් තොර පොහොර මේ රටට ගෙන්වනවා නම් එය වැරදියි. මෙලෙස පොහොර ගෙන්වනවානම් ඒවා වරායෙන් පිටවීමට පෙර වරාය තුළදී සාම්පල් පරීක්‍ෂාකර වාර්තාවක් ලබාගත යුතුයි. ඒ වාර්තාව ලැබුණු පසුවයි එම පොහොර ගොඩබෑමට හැකියාව තිබෙන්නේ. එය අපේ රටේ පමණක් නොව ලෝකයේ ඕනෑම රටක සිදුවන කි‍්‍රයාවලියක් බව කිව යුතුයි.

 විදේශ රටකින් පොහොර ගෙන්වීමේදී ඒ සම්බන්ධව පවතින නීති රීතිවලට අනුකූලව ශී‍්‍ර ලංකා රජයද කි‍්‍රයාකළ යුතුයි. එසේ නොමැතිව එය උල්ලංඝනය කරමින් හෝ පවතින නීති රීති නොසලකා හරිමින් කටයුතු කළ නොහැකියි.

advertistmentadvertistment