ගුවන්තොටේ පී.සී.ආර්. පරීක්‍ෂණාගාරය අද ඇරඹේ

97

ශ‍්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයන්ට පී.සි.ආර්. පරීක්‍ෂණ සිදුකර ගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපළ තුළ ස්ථාපිත කර තිබෙන පරීක්‍ෂණාගාරය අද (23 දා) සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරේ.

මෙම පරීක්‍ෂණාගාරයේදී දිනකට පී.සී.ආර්. 7000 ක් සිදුකළ හැකි අතර පැය තුනකදී පරීක්ෂණ වාර්තා ලබාදීමට කටයුතු කෙරේ. සංචාරක ව්‍යාපාරය න`ගාසිටුවීම සඳහා ගෙනයන වැඩපිළිවෙළ යටතේ මෙම නවීන පී.සී.ආර්. පරීක්‍ෂණාගාරය අද (23 දා) විවෘත කෙරෙන අතර එම අවස්ථාවට සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා ඇතුළු කිහිපදෙනකු සහභාගිවීමට නියමිතය. මෙම පරීක්‍ෂණාගාරයේදී ඩොලර් 40 ක් අයකර විදෙස් සංචාරකයන් සඳහා පරීක්‍ෂණ සිදුකරන අතර ශ‍්‍රී ලාංකිකයන් සඳහා මෙතෙක් ක‍්‍රියාත්මක වූ ක‍්‍රමවේදය ක‍්‍රියාත්මක වෙයි. ඉදිරියේදී ශ‍්‍රී ලාංකිකයන් සඳහා ද කැමතිනම් යම් මුදලක් අයකර පී.සී.ආර්. සිදුකිරීමට මෙම ආයතනය අදහස් කර තිබේ.

මේ වන විට දිනකට සංචාරකයන් 300 ක් පමණ පැමිණෙන අතර එම ප‍්‍රමාණය 1500 දක්වා වැඩිකර ගැනීමට සංචාරක අමාත්‍යාංශය අදහස් කර ඇත. මෙරටට සංචාරකයන් ලෙස 40,000 ක් පමණ පැමිණ තිබෙන අතර ඉන් 270 ක පමණ ප‍්‍රමාණයක් කොවිඞ් රෝගීන් ලෙස වාර්තා වී තිබිණි.

චමින්ද සිල්වා

 

advertistmentadvertistment