මෙල්බන් අධිකරණයේ නඩුවක්
ගුවන්යානයකදී තරුණ කාන්තාවකට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලාංකිකයකුට එරෙහිව ඕස්ට්‍රේලියාවේ මෙල්බන් අධිකරණය මගින් නඩු විභාගයක් ආරම්භ කර ඇත.
මෙම නඩුව දිගටම පවත්වාගෙන යන බැවින් 41 හැවිරිදි සැකකරුට ඕස්ට්‍රේලියාවෙන් පිටවීම තහනම් කර තිබේ. ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාව බලා ඉකුත් දෙසැම්බර් මස 18 වැනිදා පියාසර කළ ගුවන් යානයකදී 41 හැවිරිදි සැකකරු විසින් මෙම කාන්තාවට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වී තිබේ.
ඉකුත් දෙසැම්බර් මස 19 වැනිදා මෙම සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර දැඩි කොන්දේසි මත ඔහුට ඇප ලබාදී තිබිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපළ පොලිසිය වෙත ද දැනුම්දීමක් කර ඇත.
හේමන්ත රන්දුණු