ගුවන් යානයේ හදිසි දොරක් අරින්න ගිය බි්‍රතාන්‍ය ජාතිකයාට දඩ

300

ගුවන් යානයක හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක කළ යුතු දොරක් විවෘත කිරීමට උත්සාහ කිරීමේ චෝදනාවට වරද පිළිගත් බි්‍රතාන්‍ය ජාතිකයකුට රුපියල් 25,000ක දඩයක් ගෙවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (02දා) නියෝග කළේය.

ගුවන්තොටුපළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කොට තිබූ බි්‍රතාන්‍ය ජාතික බෙවන් ක්‍රිස්ටි ස්කොට් නමැත්තකුට එලෙස දඩ නියම කෙරිණි. එකී සැකකාර බි්‍රතාන්‍ය ජාතිකයා පසුගිය 29 වැනිදා කටුනායක ගුවන්තොටුපළේ සිට ඇමරිකාව බලා පිටත්ව යෑමට නියමිතව තිබූ ගුවන් යානයකට අධික ලෙස බීමත්ව ඇතුළු වී හදිසි දොරටුව විවෘත කරීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔහුව අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබිණි.

සැකකාර බි්‍රතාන්‍ය ජාතිකයා වෙනුවෙන් නීතිඥ රෝජිත රාජපක්ෂ සහ නීතිඥ රජිත දිසානායක යන මහත්වරුන් සමග ජනාධිපති නීතිඥ උපාලි ගුණරත්න මහතා පෙනී සිටියහ.
ඒ.ජේ.ඒ. අබේනායක


advertistmentadvertistment