ගුවන් හමුදාපති කුසලාන ගොල්ෆ් තරගාවලිය හෙට සිට

39

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඊගල්ස් ගොල්ෆ් ලින්ක් දොළොස්වන වරටත් සංවිධානය කරනු ලබන 2025 ගුවන් හමුදාපති කුසලාන කාන්තා සහ පිරිමි විවෘත ගොල්ෆ් තරගාවලිය, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම මත ත්‍රිකුණාමලය වරායට සමීපව සුන්දර චීනවරාය ඊගල්ස් ගොල්ෆ් ලින්ක් හිදී මෙම මස 17 වැනි දින සිට 18 වැනි දින දක්වා පැවැත්වෙයි.

මෙම ගොල්ෆ් තරගාවලියේ දී ගුවන් හමුදාපති කුසලානයට සමගාමීව ත්‍රිවිධ හමුදාවන් නියෝජනය කරන තරගකරුවන් පිරිමි සහ කාන්තා කාණ්ඩයන්ට අයත්ව දක්ෂතම ත්‍රිවිධ හමුදා සේවා ක්‍රීඩකයාට හිමි ඊගල්ස් අභියෝගතා කුසලානය සඳහා ද තරග වැදීමට නියමිතව ඇත.

ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත


advertistmentadvertistment