ගුවන් හමුදා පාපැදි සවාරියේ පළමු අදියරේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ තුෂාන් රාජපක්ෂ ඊයේ (02 වැනිදා) සමත් විය.
එම දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අවිශ්ක මැඩොන්සා විසින් දිනාගත් අතර තෙවැනි ස්ථානය දෙහිවල, ගල්කිස්ස නගර සභා ක්‍රීඩා සමාජයේ සුරංග රණවීර විසින් දිනාගනු ලැබීය.
කිලෝ මීටර් 116.7කින් සමන්විත අදාළ පළමු අදියර කොළඹින් ආරම්භ වී ජා ඇල, ගම්පහ ඔස්සේ මහනුවර දක්වා ක්‍රියාත්මක විය.
පාපැදි සවාරියේ කිලෝ මීටර් 146.7කින් සමන්විත දෙවැනි අදියර අද (03 වැනිදා) මහනුවරින් ආරම්භ වී පල්ලෙකැලේ, මහියංගනය ඔස්සේ පොලොන්නරුව දක්වා ක්‍රියාත්මක වේ.