ගුවනේ සැරි සැරූ අවතාර ගුවන්යානය

719

Airways Flight 522 ගුවන්යානය 2004 වසරේ අපේ‍්‍රල් 16 වැනි දින Helios Airways සමාගමට බද්දට ලබා දුන්නා. එහිදී මෙම යානය 5B-DBY වෙත ලියාපදිංචි කරන ලද අතර Olympia යන අන්වර්ථ නාමයෙන් හඳුන්වා තිබෙනවා. Helios Airways සමාගමට බෝයිං 737-800 යානා දෙකක් සහ A319-100 යානාවන් දෙකක්ද තිබුණා.

2005 වසරේ අගෝස්තු මාසයේ 14 වැනි දින අනතුරට පත් වුණේ සයිප‍්‍රසයේ ලමාකා සිට ක්‍රෙච් ජනරජයේ ප‍්‍රාග් වෙත පියාසර කරන අතරවාරයේදීය. යානයේ ප‍්‍රධාන පියාසර නිලධාරී ජර්මන් ජාතික ජර්ජන් මර්ටන් 58 හැවිරිදි වියේ පසු වූ අතර ඔහු පියාසර නිලධාරියෙකු ලෙස වසර 35 ක සේවා පළපුරුද්ද සහිත පුද්ගලයෙක්. පියසර පැය 16,900 ක් සිය සේවා කාලයේදී සපුරා තිබුණා. ඒ අතරට බෝයිං 737 සිටි අයෙක්.

ලන්ඩනයේ සිට ලන්සානා වෙත පැමිණි පසු ගුවන්සේවා කාර්ය මණ්ඩලය විසින් කාර්මික ශිල්පීන්ට කියා සිටියේ යානයේ ඉදිරි දොරටුවේ යම් තද බවක් සහ පිටුපස දොරෙන් අසාමාන්‍ය ශබ්දයක් නැගෙන බවයි. මෙම යානය සම්පූර්නයෙන්ම ස්වයංකි‍්‍රය ලෙසින් පදවන යානයක් විය. යානය පරීක්ෂා කළ කාර්මික ශිල්පීන් කියා සිටියේ ස්වයංකි‍්‍රය පද්ධතිය වෙනුවට සාමාන්‍ය ක‍්‍රමයට හෙවත් manual යොදා ගෙන යානය ගමන් කිරීමට බාධාවක් නොමැති බවයි. නමුත් ඒ ගැන පියාසර නිලධාරීන් දැනුවත් කිරීමක් සිදු නොවූ බවට පසුව චෝදනා එල්ල වී තිබේ. යානයේ cabin pressurization පද්ධතිය අතින් කි‍්‍රයාත්මක කරමින් යානය ගමන් ආරම්භ කරන ලදී. සාමාන්‍ය ගුවන්ගමනකදී මෙම pressurization පද්ධතිය අදියර තුනක් යටතේ පරීක්ෂා කිරීම සිදු වේ.

  • cabin pressurization පද්ධතිය ගුවන්යානයකට වැදගත් වන්නේ ඇයි..?

ගුවන්යානයක් ඉහළට පියාසර කරන විට පීඩනය අඩු වීම නිසා මගීන්ට අවශ්‍ය ඔක්සිජන් ධාරිතාව ස්වයංකි‍්‍රය ලෙසින් සැපයීම වැදගත්. ඒ සඳහා cabin pressurization පද්ධතිය ස්වයංකි‍්‍රය ලෙසින් කි‍්‍රයාත්මක වීම අත්‍යවශ්‍යයි. නමුත් එය manua යොදා ගත් විට අදාළ උස ප‍්‍රදේශයේදී මෙය මගීන්ට අවශ්‍ය පරිදි සකස් කිරීම වැදගත්.

හදිසි අනතුරු සංඥාවක් ලැබුනා…

ගුවන්යානය ගමන් කරමින් සිටියදී හදිසි අනතුරු සංඥාවක් නාද වුණා. මේ නාද වීම සාමාන්‍යයෙන් ලැබෙන්නේ ගුවන්යානයක් ආරම්භ වන අවස්ථාවේදී. ඒත් ගුවන්යානය ආරම්භ වන විට එවැනි අනතුරු සංඥාවක් නොමැතිව හදිසියේ ලැබුන සංඥාව ගැනත් නියමුවන් තුළ චකිතයක් ඇති වුණා. නියමුවන් තව දුරටත් ගුවන්යානය අඩි 12,000 ක සිට තවත් උසට ගෙන ගියා. ඒ අවස්ථාවේදී ගුවන්යානයේ අනතුරු දන්වන බල්බය (Master cation blub) දැල්වුණා. මේ බල්බය දැල්වෙන්නේ යානයේ විශාල කාර්මික දෝෂයක් පවතින බවට වූ දැනුම් දීමක් ලෙසයි.

ගොඩබිම සමග සම්බන්ධ වුණා..

ගුවනේ සැරි සැරූ අවතාර ගුවන්යානය

ගොඩබිම සමග සම්බන්ධතාව පවත්වමින් ගිය ගුවන්යානය ඒ අනතුරු දැන්වීම ගැන පැමිණිලි කළා. යානයේ cabin pressurization පද්ධතිය පරීක්ෂා කරන්නැයි ගොඩබිමෙන් නියමුවන්ට දැනුම් දුන්නා. එහෙත් නියමුවන් කියා සිටියේ cabin pressurization පද්ධතිය (cooling) නොව යානයේ සිසිලන පද්ධතියේ දෝෂයක් විය හැකි බවයි. යානයේ විදුලි පංකා පද්ධතියට සුළං නොමැති වීමත් සමග නියමු කුටියේ සියලූ දේවල් රත් වෙන නිසා මේ තත්ත්වය සිසිලන පද්ධතියේ දෝෂයක් විය හැකි බවට නියමුවන් අනුමාන කළා.

ඔක්සිජන් මුව ආවරණ (mask) පහත වැටුනා…

මේ වෙන විටත් යානයේ මගීන්ට අවශ්‍ය ඔක්සිජන් ධාරිතාව ප‍්‍රමාණවත් නොවන නිසා මුව ආවරණ පහත වැටුණා. මගී ගුවන්ගමනකදී මගීන්ට අවශ්‍ය ඔක්සිජන් සැපයීම වෙනුවෙන් මෙම ඔක්සිජන් මුව ආවරණ ස්වයංකි‍්‍රය ලෙසින් කි‍්‍රයාත්මක වෙනවා. නිසි පරිදි ඔක්සිජන් සැපයුම ලැබෙන විට නැවතත් මෙම මුව ආවරණ යළි ඉහළට යනවා. මේ අතර යානය අඩි 34,000 ක් උසින් ගමන් ගත්තා. සාමාන්‍යයෙන් ගුවන්යානයක් අඩි 35,000 ක් උසට ගමන් ගැනීම සමග පීඩනය අඩු නිසා යානය හොඳින් පාලනය කර ගැනීමේ හැකියාව ලැබෙන නිසා නියමුවන් යානය තව දුරටත් ඉහළට ගැනීමට උත්සාහ කළා.

ඇත්තටම මේ යානය කඩා වැටුනේ ඇයි…?

ගුවන්යානයක අඩි 10,000 ක් පමණ ගමන් කරන විට cabin pressurization පද්ධතිය මගින් යානයේ මගීන්ට අවශ්‍ය ඔක්සිජන් සැපයුම ලබා දෙනවා. එය ස්වයංකි‍්‍රයව සිදු වෙන කාර්යක්. නමුත් අතින් මෙය කි‍්‍රයාකරනවා නම් අදාළ උන්නතාංශයේදී ඒ ගැන සැලකිලිමත් වීම වැදගත්. බෝයිං 737 යානයේ නියමුවන් පද්ධතිය අතින් කි‍්‍රයාත්මක කළ යුතු බැව් දැන සිටියේ නැහැ. ආරම්භක අවස්ථාවේදී ස්වයංකි‍්‍රය ලෙසින් කි‍්‍රයාත්මක වීම වෙනුවට අතින් කි‍්‍රයාත්මක කිරීම සිදු වුණත් ඒ ගැන නියමුවන් දැනුවත්ව සිටියේ නැහැ. ඒ නිසාම අවශ්‍ය පරිදි ඔක්සිජන් සැපයීමට නොහැකි වීම නිසා ගුවන්යානයේ ගමන් ගත් 121 දෙනාම මිය ගියා. නමුත් ස්වයංකි‍්‍රය ලෙසින් cabin pressurization පද්ධතිය කි‍්‍රයාත්මක නොවන බැව් නියමුවන් දැන සිටියේ නැහැ.

පැය එකහමාරක් යානය ගමන් ගත්තා…

කෙසේ හෝ වේවා ගොඩබිම සමග සම්බන්ධතාව බිඳ වැටීම සහ යානය කඩා වැටීම අතර කාලය පැය එකහමාරක්. මේ කාලය තුළ යානය මියගිය පුද්ගලයන් 121 ක් සමග අහසේ පියාසර කළ නිසාම මෙම යානය Ghost plain යනුවෙන් හඳුන්වනවා. ගුවන්ගමනකදී නිසි ප‍්‍රමිතීන් සපුරා නොමැති නිලධාරීන් නිසා තමන්ගේ සමීපතයන් අහිමි වූ බවට චෝදනා නගමින් යානයේ ගමන්ගත් පුද්ගලයන්ගේ ඥාතීන් විසින් සයිප‍්‍රසයේ සිවිල් ගුවන්සේවා දෙපාර්තමේන්තුවට එරෙහිව නඩු පවරා තිබෙනවා.

පුන්‍යා චාන්දනි ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment