ගූගල් සිතියමකින් අසු වූ ඉතාලි මාෆියා නායකයා

313

ඉතාලියේ ප‍්‍රබල ම මාෆියා කල්ලිනායකයා වූ  ගියෝචිනෝ ගැම්බිනෝ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේ මාව ඇල්ලූවේ කෙසේදැයි ඔහු පොලිසියෙන් ප‍්‍රශ්න කර ඇත.

 මම වසර ගණනාවක් ම පවුලේ අයට හෝ මිතුරන්ට කතා කළේ නැහැ. ඉතාලියෙන් පැන අවුත් ස්පාඤ්ඤයේ මැඞ්රිඞ් අසල ව්‍යාජ නමකින් වාසය කළා යැයි ඔහු කියා සිටියේය. අප ඔබව ඇල්ලූවේ ගූගල් සිතියමකින්. ඔබ වෙළෙඳසැලක් ඉදිරියේ සිටින අයුරු අප දුටුවා යැයි පොලිසිය මාෆියා නායකයාට පැවසූ විට ඔහුට කට උත්තර නැති විය.

advertistmentadvertistment
advertistmentadvertistment