ගෙදරින් එළියට එක් අයකුට පමණයි – ළමා උද්‍යාන, කානිවල්, සංගීත, බීච් පාටි බෑ

683

* සෞඛ්‍ය මාර්ගෝපදේශ යළි දැඩි වෙයි:

*  ජිම් – ස්පා දිවාසුරැකුම් තහනම්

*  සාප්පු සංකීර්ණ සම්පූර්ණයෙන් වැසෙයි

පවතින සීමා තවදුරටත් දැඩි කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ඊයේ (18 වැනිදා) නිකුත් කරනු ලැබීය.

එම නව මාර්ගෝපදේශයන් මෙම මස 31 වැනිදා දක්වා බලපැවැත්වෙන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබූ චක‍්‍රලේඛයේ සදහන්ව ඇත.

මේ අනුව අද (19 වැනිදා) සිට නිවසකින් බැහැරට යෑමට අවසර ඇත්තේ එක් පුද්ගලයකුට පමණක් වන අතර රැකියා සහ සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් නිවසින් බැහැර යෑමේදී එම සීමාවන් අදාළ නොවේ.

එසේම දිවි සුරැුකුම් මධ්‍යස්ථාන සති දෙකක කාලයක් ස`දහා වසා තැබෙන අතර කායවර්ධන ස්ථාන සහ ගෘහස්ථ කී‍්‍රඩාගාර විවෘත කිරීමට ද අවසර නැත.

නව මාර්ගෝපදේශ අනුව සාප්පු සංකීර්ණ ද සම්පූර්ණයෙන්ම වසා තැබෙන අතර සුපිරි වෙළෙ`දසල් තුළ එක් වරකදී සිටිය හැක්කේ එහි ධාරිතාවයෙන් සියයට 25ක පිරිසකට ය.

ළමා උද්‍යාන, කානිවල්, සංගීත සංදර්ශන, බීච් පාටි සහ වෙරළේ ඒකරාශි වීම් ද එමගින් තහනම් කර ඇති අතර හෝටල් සහ නිවාඩු නිකේතන විවෘත කර තැබිය හැකි වන්නේ ඒවායේ සම්පූර්ණ ධාරිතාවෙන් සියයට 25ක් වන පරිදි පමණි.

පිහිනුම් තටාක සහ සම්බාහන මධ්‍යස්ථාන ද අද (18 වැනිදා) සිට සම්පූර්ණයෙන්ම වසා දැමේ.

සමන් ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment