ගෙදර ලී බඩු විකුණා අවසන් වූ පසු කුඩු ගහන්න පේ‍්‍රමවන්තියත් විකුණලා

243

තම දෙමාපියන්ගේ නිවාසවල තිබෙන ගෘහ භාණ්ඩ විකුණා දමා හෙරොයින් මත්කුඩු පානය කිරීමෙන් පසුව, අවට නිවාස බිඳ මත්කුඩු පානය කිරීමෙන් අනතුරුව, මුදල් නොමැති කම හේතුවෙන් ඇඟ විකුණා මුදල් සොයා ගෙන හෙරොයින් පානය කළ කාන්තාවක් සහ ඊට අනුබල දුන් ඇගේ සැමියා පෙරේදා (22දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ නීත්‍යානුකූලව විවාහ නොවී එක නිවසේ ජීවත් වූ අනුරාධපුර ගෙවල් පනස් පහ ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 ක තරුණියක් සහ වයස අවුරුදු 21 ක තරුණයකු බව පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් තරුණයා සහ එම තරුණිය අනුරාධපුර නගරයේ පිහිටි ප‍්‍රධාන ජාතික පාසල් දෙකක උසස් අධ්‍යාපනය ලැබූ අය බවත්, පාසල් පේ‍්‍රමය දුර දිග ගොස් අවසානයේ දැනට වසරකට වැඩි කාලයක් අඹු සැමියන් ලෙස ජීවත් වන බව පොලිසිය පවසයි.

පාසල් අධ්‍යාපනය අවසන් වීමත් සමග හෙරොයින් මත්කුඩු පානයට තදින් ඇබ්බැහි වී සිටින තරුණයා එම තරුණිය ද මත්කුඩු පානයට ඇබ්බැහි කරවා ගෙන තිබේ. දෙපාර්ශවයේම තම මවුපියන්ට අයත් නිවාසවල බඩු විකුණා, කුඩු පානය කිරීමෙන් අනතුරුව අවට නිවාස තුනක් බිඳ කුඩු පානය කර පසුව, තරුණයා විසින් එම තරුණිය ගණිකා සේවයේ යොදවා ඇති බව පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය අනුරාධපුර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. කිත්සිරි ජයලත්, නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන යන මහත්වරුන්ගේ උපදෙස් මත, මෙම වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබිය.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment