ගෙවල්වල සිරකරගෙන සිටින මෙහෙකාර දරුවන් සෙවීම ඇරඹේ

353

බාල වයස්කාර දරු දැරියන් මෙහෙකාර සේවයට ලබාදෙන තැරැව්කරුවන් සහ මෙහෙකාර සේවයේ යොදාගෙන සිටින පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාට උපදෙස් දී ඇත.
 
 ඒ සඳහා වහාම මෙහෙයුමක් ආරම්භ කරන ලෙස තමා අමාත්‍යවරයාට දැනුම් දුන් බව අග‍්‍රාමාත්‍යවරයා දිවයින ඉරිදා සංග‍්‍රහයට පැවසීය.
 
 මෙවැනි දරු දැරියන් මෙහෙකාර සේවයට යොදාගෙන සිටින බහුතරය ප‍්‍රභූ පැලැන්තියේ පවුල් බවත් ඔවුන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා ලෙස තමා මහජන ආරක්‍ෂක අමාත්‍යවරයාට උපදෙස් දුන් බවද අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
 
 මේ සම්බන්ධව මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගෙන් කළ විමසීමේදී සඳහන් කළේ මේ වන විටත් එම මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.
 
 බාලවයස්කාර දැරු දැරියන් මෙහෙකාර සේවයේ යොදාගෙන සිටින පුද්ගලයින් ගැන තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳව ළ`ගම ඇති පොලිසියට දැනුම් දෙන ලෙසද අමාත්‍ය සරත් වීරසේකර මහතා ප‍්‍රකාශ කළේය.
 
– නෝමන් පලිහවඩන


advertistmentadvertistment