යාපනයේ මැරයෝ ඔවුන්ට ප‍්‍රතිවිරුද්ධ කණ්ඩායම්වලට අයත් සාමාජිකයින්ගේ නිවාස හයකට 27 දා ප‍්‍රහාර එල්ල කොට එම නිවෙස් දෙකකට ගිනි තබා ඇත.
යාපනයේ වඩමරච්චි අල්වායී ප‍්‍රදේශයේ නිවාස දෙකකට ගිනි තබා අනෙක් නිවාස වල භාණ්ඩ කුඩුපට්ටම් කොට පළා ගොස් තිබේ.

පෙට‍්‍රල් වත්කොට නිවාසවලට ගිනි තැබීමෙන් පසුව ඒවායෙහි අයිතිකරුවන් පේදුරුතුඩුව පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව මේ සිද්ධීන්වලට සම්බන්ධ බවට සැක කෙරෙන එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පේදුරුතුඩුව පොලීසිය පවසන්නේ මෙම අපරාධ සිදු කළ කණ්ඩායම යාපනයේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවලට හා කප්පම් ගැනීමේ සිද්ධීන්ට සම්බන්ධ පිරිස් බවයි.
පොලීසිය සිද්ධිය පිළිබ`ද වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යයි.
වවුනියාව දිනසේන ගමගේ