නව සභාපති – නිලාර් එන්. කාසිම්
ශ්‍රී ලාංකේය ගේය පද රචනා සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විණි. දිවයින පුරා විසිරී සිටින සියලුම ගේය පද රචක, රචිකාවන් එකට එක්කොට ඔවුන්ගේ සුබසාධනය අරමුණු කරගනිමින් 2020 වසරේ ආරම්භ කරන ලද සංගමයේ සියලුම නිලධාරීන්ගේ ධුර කාලය අවසන් බැවින් නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීම සහ ඉදිරි වැඩපිළිවෙළ ප්‍රකාශයට පත්කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය. ඒ අනුව සංගමය ආරම්භයේදී ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ සමග සමසභාපතිත්වය දැරූ නිලාර් එන්. කාසිම් නව සභාපති වශයෙන් ද, ලේකම්වරයා ලෙස ජෝර්ජ් රොබ්සන් ද සිල්වා ද භාණ්ඩාගාරිකවරයා ලෙස බන්දුල නානායක්කාරවසම් ද නැවතත් තේරී පත්වූහ.
කැලුම් ශ්‍රීමාල්, ආරාධනා ඒකනායක සහ චානක ජයසේකර පිළිවෙළින් උප සභාපති, උප ලේකම් සහ උප භාණ්ඩාගාරික තනතුරු සඳහා මෙහිදී තේරී පත්වූ අතර ජාතික සම්බන්ධීකාරකවරයා ලෙස ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවල් මහතා කටයුතු කිරීම විශේෂත්වයකි. ඔහු සංගමය ආරම්භ කිරීම සඳහා අනුප්‍රාණය දුන් ශිල්පියෙකි.
නව නිලවරණයේදී කාරක සභාව ලෙස උපාලි බණ්ඩාර වීරසේකර, රංජිත් රූපසිංහ, ශාන්ත ජයලත් තිසේරා, සුනිල් යෝගේන්ද්‍ර, බන්දුල ජයසිංහ, සමන් ප්‍රියදර්ශන, සම්පත් ප්‍රනාන්දුපුල්ලේ, දයානන්ද රත්නායක, උමා අසේනි, රසික ඩී. දුමින්ද, නෙලූකා සංජීවනී ප්‍රනාන්දු, සුගත් සෝමවීර සහ අසන්ති කරුණානායක තේරී පත්වූහ.
සංවිධායක කමිටුව සඳහා පත්වූයේ රෝහණ හෙට්ටිආරච්චි, ඉන්දික අප්පුරාළ සහ අනුර දසනායක ය. මාධ්‍ය සම්බන්ධීකාරක ලෙස සුජිත් ප්‍රසංග ද ගිණුම් පරීක්ෂක ලෙස නලිනි කාංචනා මුණසිංහ ද තේරී පත්වූහ.