ගේ පිටුපස කුඹුරේ වළට වැටී – මහගොඩ ළදරුවෙක් මියයයි

37

බද්දේගම, අලුත්වල, අංගන්කන්ද ප්‍රදේශයේ පුරන් කුඹුරක, වළක වැටී කුඩා දරුවකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ බද්දේගම, අලුත්වල, මහගොඩ, අංගන්කන්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 04ක් වන පුබුදු පවන් නමැති පිරිමි දරුවෙකි. 03 වැනිදා සවස 05.30ට පමණ දරුවා ගැන සොයා බැලීමේ දී නිවසේ සිට නැති අතර, අවට සොයා බැලීමේදී නිවස පිටුපස පුරන් කුඹුරක තිබූ වළකට වැටී සිටිය දී දරුවා හමුවී ඇත. බටපොල පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

බද්දේගම – ඕෂධ ගමරත්න

advertistmentadvertistment
advertistmentadvertistment