ගොල්ෆ් ජයග්‍රාහක ජයග්‍රාහිකාවෝ ඇගයෙති

157

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඊගල්ස් ගොල්ෆ් ලින්ක් විසින් 10 වන වරටත් සංවිධානය කරනු ලැබූ ගුවන් හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා කුසලාන හා සහතික පත් ප්‍රදානෝත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 21 වැනි දින පවත්වන ලදි.

මෙම තරගාවලිය සඳහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ හා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඇතුළු දෙස් විදෙස් ගොල්ෆ් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 කට අධික පිරිසක් සහභාගි විය.

ගොල්ෆ් ජයග්‍රාහක ජයග්‍රාහිකාවෝ ඇගයෙති

මෙහිදී ගුවන් හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරගාවලියේ පිරිමි ශූරතාවය ප්‍රභාත් ගමගේ විසින් දිනාගත් අතර කාන්තා ශූරතාවය මනෝරි ජයකොඩි විසින් දිනා ගන්නා ලදි. තවද මෙම තරගාවලියේ දක්‍ෂතම ත්‍රිවිධ හමුදා සේවා ක්‍රීඩකයාට හිමි කුසලානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගෲප් කැප්ටන් නන්දන ජයලත් විසින් දිනා ගන්නා ලදි.


advertistmentadvertistment