ගොවිතැනින් ජීවිතේ ගැටගසාගත් නන්දසේන යායටම ගිනි තියලා

518

නන්දසේන පොලොන්නරුව ප‍්‍රදේශයේ පදිංචියට ගියේ කුඩා වියේදීය. ඒ ගොවිජනපද ව්‍යාපාරය යටතේ ඉඩමක් ලැබුණු පසුවය. එදා සිට දෙමාපියන් සමග මහ පොළොව සමග ගැටී ජීවිතේ ගැටගසා ගත්තේ ශූර ගොවියකු බවට පත්වෙමිනි.

දෙමාපියන් මියගිය පසු ඔහු ඒ ප‍්‍රදේශයේම පදිංචි තරුණියක සමග විවාහවී දරු මල්ලන්ද සමග පුරුදු ජීවන වෘත්තියේ නිරත වූයේ මහා ලොකු ධනස්කන්දයක් නොතිබුණත් ගෙයක් දොරක් හදාගෙන දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යමිනි. මේ අතර කොරෝනා වසංගතය නිසා ගොවිතැන් කටයුතුවලට බාධාවක් නොවුණත් පොහොර ප‍්‍රශ්නය නිසා නන්දසේන ගොවි මහතාත් මහ අමාරුවක වැටිණි. ඒත් ඔහු මෙවර ගොවිතැන අත්හල අයටද අභියෝග කරමින් ගොවිතැන් කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන ගියේ හිතේ හයියෙනි.

ගේදොර උගසට තබාගත් ණය මුදල් යොදවා ගොවිතැන් කටයුතු කළේ පොහොර ප‍්‍රශ්නයට විසඳුමක් ලැබෙනු ඇතැයි විශ්වාසයෙනි. නමුත් කුඹුරු යායම විනාශ වී ගොසිනි. අනෙකුත් වගාවන්ද ගන්නට දෙයක් නැත. මේ වන විට ගෙයත් සින්න වෙන අවදානමකය. රොසලින් නෝනා මට දැන් මේ ගොවිතැන එපාවෙලා. මම ආයේ ගොවිතැන් කරන්නේ නෑ. මීට පෙර කිසිදවසක මත්පැන් කඳුළක් කටේ ගා නොගත් නන්දසේන ගෙට ගොඩවුණේ එම මුළු යායටම ගිනි තිබ්බා යෝදියේ කියමිනි.

පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment