ගොවියාගේ කඳුළු කතාව

157

ගොවිතැන කියන්නේ රටකට ස්වයංපෝෂිත වෙන්න තියෙන හොඳම අවස්ථාවක්. දන්නවද කතාවක් තියෙනවා මඩ සොයාගත් කල ගොවියා රජකමට සුදුසුයි කියලා. ඉතින් ඒ කතාව නිකන් කටකහනවට කියපු කතාවක් නෙවෙයි. මොකද ඔයාලා හැමෝම දන්නවා ලාංකික ජනයාගේ ප‍්‍රධානතම ජීවනෝපාය තමයි ගොවිතැන. ගොවියා කියලා කියන්නේ සමාජයේ මෙන්ම ලෝකයේ ම වටිනාකමක් හිමි විය යුතු පිරිසක්. කුසගින්න නිවන්න රටටම බත සපයන්නේ අහිංසක ගොවි ජනතාව. ඒත් ඇත්තටම ඔවුන්ට වටිනාකමක් හිමි වෙනවද කියන එක ගැන තියෙන්නේ ප‍්‍රශ්නාර්ථයක්. අතීතයේ අපේ මුතුන් මිත්තන් රටට අවශ්‍ය කරන සහල් ඔවුන් විසින් ම සාදා ගත්තා. ඒත් අද අපිට අවශ්‍ය සහල් වෙනත් රටවලින් ගෙන්න ගන්න තැනට පත්වෙලා. ඒ ඇයි කියලා හිතලා බැලූවද? ජනතාව තමන්ට අවශ්‍ය සහල් මිලදී ගෙන තමන්ගේ කුසගින්න නිවා ගන්නවා. ඒත් බොහෝ දෙනෙකු දන්නේ නෑ සහල් යට සැඟවිලා තියෙන ගොවියාගේ කඳුළු කතාව. මහ කන්නය යල කන්නය කියලා අවුරුද්දකට දෙවතාවක් ගොවියන් කුඹුරු අස්වද්දලා වී අස්වනු ලබා ගන්නවා. ගොවි ජනතාව තම අස්වනු ලබා ගන්නේ බොහෝ කැපවීම් මත.

 ඒවගේම ඔවුන් විඳදරා ගන්න දුක්ගැහැට කියා නිම කළ නොහැකියි. කුඹුරු හාන තැන ඉඳන් ගොවියා තම අස්වැන්න වෙනුවෙන් කැපවෙනවා. එහෙම කැපවෙලා මහන්සි වෙලා වැඩ කරන ගොවියාට දුෂ්කර අභියෝග රැුසක් ජය ගන්න වෙලා තියෙනවා හොඳ අස්වැන්නක් ගන්න. සරුසාර අස්වැන්නක් ගන්න නම් පොහොර දාන්න ඕන හරිම කාලයට. ඒත් ගොවි ජනයාට අද සරුසාර අස්වැන්නක් ලබා ගන්න තිබෙන අවස්ථා ගිලිහී යන්න පටන් අරන්. නිසි වෙලාවට ගොවීන්ට පොහොර ලැබෙන්නේ කලාතුරකින්. ඒ වගේම වර්තමානයේ දී රජය විසින් රසායනික පොහොර නැවැත්වීමට ගත් තීරණය සමග ගොවීන් තවදුරටත් අසරණ වෙලා. මේ දවස්වල අධික වර්ෂාව නිසා ගංවතුර තත්ත්වයක් ඇති වෙලා කියලා හැමෝම දන්නවා. ගංවතුර නිසා ගොවින්ගේ කුඹුරු විනාශ වෙලා. පොහොර නොමැතිකමින් මෙන්ම ගංවතුර තත්ත්වය නිසා විනාශ වෙලා යන කුඹුරු දකින ගොවින් හදවතින් හඬාවැලපෙනවා. කාලයකට වර්ෂාව නොමැති කමින් ද විවිධ කෘමි හානි හේතුවෙන් ද තම අස්වැන්න විනාශ වෙනවා. තමන්ගේ අස්වැන්න විනාශ වෙලා ගියාම තම ජීවිතය අහිමි කරගන්න තත්ත්වයට ඔවුන් පත්වෙන්නේ දුක දරාගත නොහැකිව. රටකට වගකීමක් තියෙනවා ගොවින්ගේ ජීවිත රැුකගන්න. ගොවියා මඩ සෝදාගත් කල රජකමට සුදුසුයි කියලා කිව්වට සැබෑවටම ඔවුන් මේ වෑයම් කරන්නේ රජ වෙන්න නම් නෙවෙයි. ඔවුන් මේ කැපවෙන්නේ තමන්ගේ කුසගින්න වගේම රටේ ජනතාවගේ කුසගින්න නිවන්න. දෑත්වල කරගැට එනකන් වෙහෙස මහන්සි වී තම ජීවිතයම කුඹුරට කැපකරන්නේ හැමෝම ගැන හිතලා. ඉතින් ගොවියා කියන්නේ හදවතින්ම පරාර්ථකාමීන් පිරිසක්. ඔවුන්ගේ ගැටලූවලට නිසි විසඳුම් ලබාදෙන්න පුළුවන් නම් සැබැවින්ම එය ගොවින්ට සහනයක් වේවි. ඒ වගේම එයින් අපට අවශ්‍ය සහල් රට තුළින්ම ලබා ගැනීමට අවස්ථාව ලැබෙනවා. ඉතින් ගොවින් කියලා කියන්නේ රටකට අත්‍යවශ්‍යම පිරිසක්. රටට බත සපයන්න දරන ඔවුන්ගේ කැපකිරීම් අගය කළ යුතුමයි. ඔවුන්ගේ ජීවිතයේ ඇති කඳුළු කතාව තවදුරටත් කඳුළු කතාවක් වෙන්නට නොදී ඔවුන්හට හැකි පමණ සහය දිය යුතුයි. ගොවියාගේ සතුට රැුඳිල තියෙන්නේ තමන්ගේ සරුසාර අස්වැන්න මත. ඉතින් ඔවුන්ට ඒ අවිහිංසක සතුට ලබා ගන්නට සහය වෙමු.

 නවෝදා වීරසිංහ
 සන්නිවේදනය හා කළමනාකරණ අධ්‍යයන පීඨය
 නැගෙනහිර විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment