ගොවියෙක් දඩමස් සපයන්න ගිණි අවියක් හදාගෙන

142


කතරගම වන්දනා සමයේ පැමිණෙන බැතිමතුන් ඉල්ලක කරගෙන ප්‍රදේශයේ අවන්හල් සදහා දඩ මස් සැපයීම සදහා මෙරට නිෂ්පාදිත ගිණි අවියක් සන්තකයේ තබා ගත් 36 හැවිරිදි පුද්ගලයෙකු ලුණුගම්වෙහෙර පොලිසිය විසින් ඉලුක්පැලැස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන අත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තණමල්විල බෝගහවැව,ඉලුක්පැලැස්ස පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු ගොවිතැන් සිදුකරන අයෙකි. හෙටින් ආරම්භ වන කතරගම ඇසල පෙරහැරට පිට පළාත්වල සිට පැමිණෙන පිරිසෙන් දඩ මස් සදහා පවතින ඉල්ලුමට ප්‍රදේශයේ අවන්හල් සදහා සැපයුම දීමට මෙම ගිණි අවිය සන්තකයේ තබා ගෙන සිට තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment