හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය පසුගිය 02 වැනිදා මධ්‍යම රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළෙන් දිවයිනට පැමිණියහ.
ඔවුන් සිංගප්පූරු ගුවන් සේවයේ එස්. කිව්. – 468 දරන ගුවන් යානයෙන් එදින මධ්‍යම රාත්‍රී 11.47 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමට මැති ඇමැතිවරු පිරිසක් ද කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියහ.
දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ ඔවුන් ගුවන් තොටුපළේ සිට කොළඹ බලා රැගෙන යෑමට පියවර ගෙන තිබුණි.
ගුවන්තොටුපළ- ටී. කේ. ජී. කපිල