ගෝඨාභය හා අයෝමා යළි එති

354

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය ඊයේ (05 දා) උදෑසන ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි බව ගුවන්තොටුපළ කාර්යය භාර නිලධාරියා මෙන්ම ගුවන්තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙක් ද සනාථ කළේය.

ඔවුන් ඊයේ (05 දා) උදෑසන 08.25 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ. කේ. – 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුගේ බිරිඳ, පුතා, ලේලිය සහ මිනිබිරිය ඇතුළු පිරිස සමග ඉකුත් දෙසැම්බර් 26 වැනිදා කටුනායක ගුවන්තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි.

කටුනායක – ටී. කේ. ජී. කපිල


advertistmentadvertistment