රත්ගම,මොන්රෝවියාවත්ත ප්‍රදේශයේ දී ආරක්ෂිත සත්ත්වයකු වන ගෝනකු මරා මස් කිරීමට සූදානම් කොට තිබිය දී මරා දැමූ ගෝනා සොයාගෙන ඇති අතර මෙකී සිද්ධියට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බැව් රත්ගම පොලිසිය පවසයි.
සැකකාර පුද්ගලයා විසින් මොන්රෝවියාවත්ත ප්‍රදේශයේ ලඳු කැලෑවක් තුළ දී උගුලක් අටවා මෙකී ගෝනා මරා දමා තිබූ බව විමර්ශනවල දී අනාවරණය වී ඇත. පසුව සැකකරු විසින් මරා දැමූ ගෝනා මස් කිරීම සඳහා සැකකරුගේ නිවස අසලට රැගෙන ගොස් ඇත. මේ පිළිබඳ පොලිසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම කරනු ලැබීය. ගෝනා සම්බන්ධයෙන් හික්කඩුව වනජීවි කාර්යාලය මගින් වාර්තාවක් ලබාගෙන අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු කළ බැව් රත්ගම පොලිසිය පවසයි. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ පවත්වයි.
රත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ.එල්.ඩී.එස් ප්‍රියන්ත, උපපොලිස් පරීක්ෂක අනිල්, පො.සැ (58413) ප්‍රියන්ත, පො.කො.රි මනෝහර, යන නිලධාරින් විසින් පරීක්ෂණ කටයුතු සිදුකරණු ලැබීය.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි ගාල්ල