ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත් වන ලෙසට බල කරමින් ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන ‘නිර්පාක්ෂික’ විරෝධතාව ඊයේ (19 දා) 11 වන දිනයටත් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
විරෝධතාව ආරම්භ කළදා සිට දහවලට වඩා විශාල ජනකායක් රාත්‍රි කාලයට එම ස්ථානයට එක්වී විරෝධතාවේ නිරත වන අයුරු දක්නට ලැබිණි.
විද්වතුන්, කලාකරුවන්, ක්‍රීඩකයින්, මාධ්‍යවේදීන්, ආගමික නායකයින් ඇතුළු විවිධ පාර්ශ්වවල නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පවත්වන මේ විරෝධතාවයේදී ගීත ගායනා කිරීම, වීදි නාට්‍ය ප්‍රදර්ශනය කිරීම ඇතුළු අංගයන් ද ඇතුළත් වී තිබිණි.
අරගලයට එක්වූ විරෝධතාකරුවෝ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉවත් වනතුරු මෙම ස්ථානයෙන් ඉවත් වන්නේ නැතැයි සඳහන් කරමින් විරෝධතාව අඛණ්ඩව පවත්වන බව පවසති.
චමින්ද සිල්වා