ගෝල් ග්ලැඩියේටර් අවසන් මහා තරගයට

124

ශ්‍රී ලංකා ප්‍රිමිය ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඊයේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම සහ ජැෆ්නා කින්ග්ස් අතර තරගයේදී ලකුණු 64 ජයක් හිමි කර ගෙන ගෝල් ග්ලැඩියේටර් අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලැබීය.පළමුව පන්දුවට පහර දුන් ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 05 ක් දැවී ලකුණු 188ක් ලබා ගත්තේය.ඊට පිලිතුරු ලෙස ජැෆ්නා කින්ග්ස්ට ලබා ගැනීමට හැකි වූයේ පන්දු වාර 16.5කදී සියලු දෙනා දැවී ලකුණු 124කි.

advertistmentadvertistment
advertistmentadvertistment